logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත සහාය
සඳුදා, 01 නොවැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත සහාය

ශ්‍රී ලංකාවට හඳන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධ වැඩමුළුවක් 2021/11/01වන දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය. මෙම වැඩමුළුව දින 03ක් තිස්සේ පැවැත්වීමට නියමිත ය. 08දෙනෙකුගෙන් සමන්විත ෆින්ලන්ත අධ්‍යාපනඥයන් කණ්ඩායමෙහි නායකත්වය දරනුයේ ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා ක්‍රොක්ෆර්ස් (Leena Krokfors) මහත්මිය යි.

ලොව දියුණු ම සහ ඉහළ ම අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගනිමින් සකසා තිබෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් මෙරටට හඳන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කිරීම, පාසල් විෂය නිර්දේශයන් සඳහා භාවිත කිරීම, බහු කාර්ය පන්ති කාමර සැකසුම ආදිය පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනඥයින්, නිලධාරීන් දැනුම්වත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණු විය.

පෙරපාසල් අධ්‍යාපනයේ සිට දරුවන්ට ඉගැන්වීමට නොව ඉගෙන ගැනීමට සැළැස්වීම, ප්‍රාථමික අධ්‍යාපනයේ ලා ගුරුවරුන් යෙදවීම, දරුවන්ගේ දක්ෂතා අනුව ඔවුන් අධ්‍යාපනය කරා යොමු කරවීම ආදිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය. එමෙන් ම රටේ අධ්‍යාපනයේ සැකසුම, ද්විතීයික, වෘත්තීය අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැකසුම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කිරීමට නියමිත ය.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ද මැදිහත්වීම මත ජාතික අධ්‍යාපන ආයතනය මඟින් රටේ අධ්‍යාපනයේ නව පරිච්ඡදෙයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් බැව් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය.

මෙම අවස්ථාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්, අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු මෙරට අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සහ විද්වතුන් පිරිසක් ද සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP