logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණය ඉගෙනගත හැකි පරිදි පාඨමාලා සකසනවා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
බදාදා, 05 ජනවාරි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණය ඉගෙනගත හැකි පරිදි පාඨමාලා සකසනවා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ‍මෙම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීම ද සෑම දෙනාම පිළිගන්නා කාර්යයක් බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

පාර්ලිමේන්තුවේ සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල  ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් අවස්ථාවට 2022 ජනවාරී 5 දින එම විද්‍යාලයේ දී සහභාගී වෙමිනි.

අනාගතය ජයගත හැකි පරිදි අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් මේ වන විට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සුවිශේෂි වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත. එහි තවත් එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ මාලබේ රාහුල පිරිමි විදුහලේ තාක්ෂණ පීඨ තෙමහල් ගොඩනැගිල්ල ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන ලදි. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන පනස්තුනක් වෙන්කර ඇති අතර උපකරණ සඳහා රුපියල් මිලියන තිස්පහක් වෙන්කර ඇත. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙන් ම රාජ්‍ය නිලධාරීන් පාසලේ විදුහල්පතිතුමා පාසලේ සිසු දරුවෝ සහභාගි වූහ.

එහි දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.

“ විශාල වැය ශිර්ෂයක පමණක් නොව මේ නව ක්ෂේත්‍රයකට පිවිසීමේ දොරටුවක් තවත් ශක්තිමත්ව විවෘත කරගැනීමේ අධ්‍යාපන අවස්ථාවකට අද මුල පිරෙනවා. ක්‍රමාණුකූල දියුණුවකට අභියෝග හරහා ගමන් කරන්න පුළුවන් වුණා.  ගරු විමල් වීරවංශ මැතිතුමා පළාතේ මන්ත්‍රීතුමා හා සංවර්ධන කමිටුවේ සභාපතිතුමා හැටියට අවශ්‍ය සහයෝගය හා ශක්තිය ලබා දී අද වෙනකොට මාලබේපිරිමි විද්‍යාලය තුන්දහසකට අධික සිසු ප්‍රමාණයක දැනුම වර්ධනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී තිබෙනවා. අද විශාල දියුණුවකට පාසල වගේම මාලබේ බාලිකා විද්‍යාලය පරිවර්තනය වී තිබෙනවා. කොළඹ නගරයේ දියුණුව පසුගිය වසර තිහ හතළිහ තුළ කඩුවෙල ප්‍රදේශ කරා ද ගමන් කිරීම සිද්ධ වෙලා තියෙනවා.

තාක්ෂණ විද්‍යාව විෂයය ඉතාම විශේෂයි. රටක කාර්මික දියුණුවේ පදනම වානේ කර්මාන්තයයි. සෝවියට් රුසියාවේ සහයෝගයෙන් අදියරෙන් අදියරට වානේ කර්මාන්තය ගමන් කරවීමට අපේ රටේ මහපොළවේ තිබෙන යපස්වලට හැකි වුණා. අපේ ඇමතිතුමා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයන්වල සඳහන් වෙන පරිදි යපස් තිබෙන මහා භූමිය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබෙනවා. අපි වානේ සංස්ථාව අපේ විශ්වවිද්‍යාල සමඟ එකට එකතුව සැලැස්මකට ගමන් කළා. නම් මේ වන විට අපට මිල ගණන් ඉහළ වානේ ව්‍යාපෘති පිටරටින්  ගේන්න වෙන්නෙ නෑ. අපි මෙය හරියාකාරව දියුණු කිරීමට නොහැකිව, පසුබෑමකට ගමන් කර තිබෙනවා. මම ඉතා ඕනෑකමින් කියනවා වානේ කර්මාන්තය පදනම් කරගත් රටවල් තමයි කාර්මික විප්ලවය ජයගෙන තියෙන්නේ. අද එය පසුකොට තාක්ෂණ විප්ලවයක් ඇති වි තිබෙනවා. මේ තාක්ෂණ විප්ලවයේ අද රටේ පාසල්වලට ගෙනයාමේ සැලැස්මට මාලබේ විද්‍යාලයත් ඇතුළත් වීම සුවිශේෂ ජයග්‍රහණයක්.”

“ තාක්ෂණයේ දොරටු අපේ දරුවන් සියල්ලට විවෘත කර දීම සඳහා අපට දායක වියහැකි සෑම ක්ෂේත්‍රයකටම අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලැස්මේ අන්තර්ගත කරලා තිබෙනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය හදාරණ දරුවන්ට රට ඩිජිටල්කරණයට විවෘත කරනවාත් සමඟම පන්ති කාමරයෙන් නොලැබෙන මහා දැනුමකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීමට බලා සිටින අලුත් පරම්පරාවට එය ලබා දිම තුළින් ජයග්‍රහණයන් තුළින් රටේ සංවර්ධනයට හා දියුණවට පරිවර්තනය කර ගන්නට හැකිවෙනවා.  මායාදුන්න හා රාජසිංහ රජවරුන් පෘතුගීසින්ට එරෙහිව ජයග්‍රහණයක් කළේ දේශිය තාක්ෂණය යොදවා ගත්ත බවත්, රටේ නිෂ්පාදනය කරන ලද ඒ තාක්ෂණ අවි ආයුධ ලොව අසමසම ආයුධ බව ඉතිහාසයේ සටහන් වෙනවා. ඩැමෙස්ටස් කඩුව කියන්නේ ලෝකයේ උසස්ම ලෙස තැනුව කඩුව ලෙසයි පිළිගන්නේ. නමුත් ඩැමෙස්ටස් කඩුවට නොදෙවෙනි සමාන නිෂ්පාදනයකින් අපේ රණ විරුවන් සටන් කළ බව මේ ඉතිහාස පොතේ කියනවා. අපි බලංගොඩ මානවයාගේ ඉතිහාසයේ කතන්දරය අහනකොට සුළි සුළංවලින් අපි සුළං බලය පරිවර්තනය කර උපයෝගී කරගෙන තිබෙනවා. අපි අද  ලෝකයේ මේ  මහා විප්ලව ගණනාවක් කාර්මික විප්ලව හරහා ගමන් කරමින් යද්දී මහා පොළවේ තියෙන යථාර්තයන් සමඟ ජයග්‍රහණය කරා යාමේ අභියෝගය ඉදිරිපත් වී තිබෙනවා.”

“ සෞභාග්‍යයේ දැක්ම යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ සංවර්ධන වැඩපිළිවෙලේ විශේෂයෙන් සූර්යතාපය, සුළංබලය වායු ප්‍රයෝජනයට පරිවර්තනය කළ හැකි ඒ අභියෝග අපි ජයගත යුතුමයි. මේ ජය ගැනීම මත අපේ රටේ අපේ දරුවන්ටත් දරුවන්ගේ අනාගතය වු ජාතියේ අනාගතයට දැවැන්ත ධනස්කන්ධයක් හා විවිධ රැකියා නිෂ්පාදයන්ට තාක්ෂණ ක්ෂේත්‍රයන් විවෘත කර ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අද මේ දරුවන් පිවිසෙන්නේ මේ වැදගත් අවස්ථාවේ මේ විද්‍යා‍ලයට ලැබී ති‍බෙන මේ දැවැන්ත ආයෝජනය මෑතකාලිනව මෙවැනි ව්‍යාපෘතියකට විද්‍යාවට ගණිත ක්ෂේත්‍රයට ඒ වාගේම ඉංජිනේරු ක්ෂේත්‍රයට විශේෂ‍යෙන් තාක්ෂණයට ලැබුණු විශේෂ අවස්ථාවක්.”

“ තොරතුරු තාක්ෂණයට විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය විෂයය නොගත්තත් ගත්තත් සෑම සිසුවෙකුටම අනිවාර්යෙන් ම තොරතුරු තාක්ෂණය හරහා ගමන් කිරීමට පුළුවන් පාඨමාලාවල් විශ්වවිද්‍යාල විෂය ක්ෂේත්‍ර විවෘත කරනවා. මේ තුළින් කුමන විෂයයකට අවතිර්ණ වුණත් සුවිශේෂම තොරතුරු තාක්ෂණය විෂය විශ්වවිද්‍යාලයේ නිපුණත්වය ඇතුව තමයි පිට වෙන්නේ. මෙය පාසල් කරා ගෙන එන්න අවශ්‍ය ක්‍රියාදාමය අපි ඔබ පිළිගන්නවා. මෙම පාසලට ඉල්ලුම් කළ ක්‍රීඩා පිට්ටනිය සහ උපකරණ පිළිබඳව ද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර ඒ සතුට ද බොහෝ ඉක්මනින් භුක්ති විඳය හැකි බව මම පවසනවා.”  

මාලබේ පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ විද්‍යා තෙමහල් ගොඩනැගිල්ල, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්,  ඉදිකිරීම 2022-01-05 දින ආරම්භ වූ අවස්ථාව.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් යටතේ,  ඉදිකෙරෙන මෙම තෙමහල් ගොඩනැගිල්ල  ව්‍යාපෘති පිරිවැය සඳහා රුපියල් මිලියන 53ක් ද අධ්‍යාපන කටයුතු සඳහා වන තාක්ෂණ උපකරණ සඳහා රුපියල් මිලියන 35ක් ද වැය කරයි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP