logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.
සඳුදා, 20 මාර්තු 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

– 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත්‍යන්තර පාසල්වල මට්ටමට යාවත්කාලීන කරනවා.
– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදු කරන බවත් ලබන මාසයේ දී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධ ව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමට ද සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබා ගැනීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි. විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද පැවසූ ඒ මහතා කෙටිකලක් තුළ සිදු කෙරෙන මේ කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙන යාම සඳහා දරුවන් උනන්දු කරවීම දෙමාපිය යුතුකම බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක් ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර පදානය කිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී  පැවති වැඩසටහනකට එක් වෙමිනි. මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණයට, විශ්ලේෂණයට හා ප්‍රතිකාර දීමට මෙන් ම ආර්ථික වර්ධනයට ද භෞතික විද්‍යා විෂය දක්වන දායකත්වය ඉස්මතු කර දැක්වූ අමාත්‍යවරයා පාසල් මට්ටමින් පවත්වන ඔලිම්පියාඩ් ජාතික වැඩසටහන භෞතික විද්‍යා විෂය ප්‍රවර්ධනය කිරීමට මනා පිටුබලයක් වන බව ද පැවසී ය. එමෙන් ම ජාත්‍යන්තර තලයේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ විද්‍යා විෂය සංවර්ධනයට පමණක් නොව තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලාව, ගණිතය වැනි අනෙකුත් විෂය ප්‍රවර්ධනයට ද වැඩසටහන් ලබන 31 සිට ආරම්භ කරන බවත් එමගින් ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය දිවයිනේ ප්‍රචලිත කර එය ජාතික ආර්ථික වර්ධනය සඳහා මුසු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසී.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP