logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.
සිකුරාදා, 17 මාර්තු 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් කළා

-අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

පාසල් වසා තැබීමෙන් සිරගෙවල් ඇරීමට සිදු වන කතා අද සමාජයෙන් නොඇසෙන බවත් ඡන්ද හිමිකමක් පවා නොමැති මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්නට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් ඉදිරිපත් නොවන ඛේදනීයත තත්වයකට අද මානව සමාජය පත් ව ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රටේ ආර්ථික ප්‍රශ්න සැමට පොදු බවත් විවිධ ආර්ථික දුෂ්කරතා මැද දරුවන් කුසගින්නේ නොතබා, උපකාරක පන්ති යවා වසර 13ක් අධ්‍යාපනය ලබා දුන් දෙමාපියන්ට සිය දරුවන් උසස් පෙළ විභාගය ලියා ජීවිතයේ හැරවුම් ලක්ෂයකට පිවිස සිටින අවස්ථාවේ ඔවුන්ගේ උත්තර පත්‍ර පරීක්ෂා නොවීමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදු ව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

විභාගයට පෙනී සිටි බොහෝ දරුවන්ට ද විදුලි එලිය නොමැති ව පාඩම් කරමින් කෑම බීම පවා නිසි ලෙස නොලබා ඉතා අපහසුවෙන් විභාගයට සූදානම් වීමට සිදු වූ කාලපරිච්ඡේදයක සමාජයේ අන් අයට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති බව වටහාගනිමින් මේ අවස්ථාවේ දී වෘත්තීය වගකීමටත් වඩා සමාජ වගකීම ඉටු කිරීමට මානුෂීය මුහුණුවරකින් බලා ගුරුවරුන් වග වීමෙන් බැඳී ක්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

වෘත්තීය වගකීම නිසි ලෙස ඉටු කරන ගුරුවරුන් අතර ම තමන් ද උගන්වන්නේ නැති ව අන් අයටත් උගන්වන්නට හා ඉගෙනගන්නට නොදෙන අය ද සිටින බව පැවසූ අමාත්‍යවරයා මේ පාසල් වැසීම සිදු වූයේ වෙනත් කොවිඩ් වැනි ව්‍යසනයක් නිසා හෝ රජය පාසල් වසා දැමීම හෝ නිවාඩු දීම නිසා හෝ නොවන බවත් වාර විභාගය පවා එක් දිනකින් හෝ කල් දමා ඇති බවත් එය ඉතා අයහපත් තත්වයක් බවත් පැවසී ය. දෙලක්ෂ පනස්දහක් පමණ වන සමස්ත ගුරුවරුන් අතරින් දෙලක්ෂය ඉක්මවූ බහුතර ගුරුවරියන්ගේ ද දරුවන් හෝ මුණුපුරන් පවා මෙම උසස් පෙළ විභාගයට වාඩි වී ඇති බව සිහි තබා ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ, ගෝලීය වසංගත තත්වය හමුවේ ශිෂ්‍ය ප්‍රජාවගේ ඉගෙනුම් නිපුණතා මට්ටම අධ්‍යයනය කිරීමේ නියැදි සමීක්ෂණයේ තෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ සාක්ෂරතාව සහ ගණිත හැකියාව පිළිබඳ ව අධ්‍යයන වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පාසල් වැසී ඉන්ධන නොමැති ව පෝලිම් පැවති, විදුලිය කපා අඳුරේ සිටි යුගයක අධ්‍යාපන අමාත්‍යවරයා ව වැඩ භාරගෙන ඉතා කෙටිකලක් තුළ පාසල් දින පහේ ම විවෘත කර වසර තුනකින් නොපවත්වා තිබූ විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් පවත්වා ක්‍රීඩා උත්සව ද පවත්වා ඉතා කැපවීමෙන් යුතු ව අභියෝග මධ්‍යයේ ක්‍රියා කරමින් පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් කළ බවයි.

මේ වන විට බිලියන 8ක වියදමින් පාසල් නිල ඇඳුම් ලබා දෙන බවත් මෙවර පෙළ පොත් මුද්‍රණය නොවන බව සමහරුන් කීව ද මීට මාස දෙකකට පෙර සිට ම පෙළපොත් බෙදා හරින බවත් පාසල් දිවා ආහාරය ද පෙරට වඩා වැඩි සිසුන් සංඛ්‍යාවකට ලබා දීමට යන බවත් අමාත්‍යවරයා මෙහි දී ම කියා සිටියේ ය. 

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP