logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • Uncategorized @si
  • “මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඔබේ සහාය අපට බාදෙන්න.”අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්- ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වූ පළමු නිල හමුවේ දී…
සිකුරාදා, 04 සැප්තැම්බර් 2020 / Published in Uncategorized @si

“මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඔබේ සහාය අපට බාදෙන්න.”අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්- ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වූ පළමු නිල හමුවේ දී…

“අතිගරු ජනාධිපතිතුමන් විසින් මීට පෙර ස්වාධීන ව තිබූ අමාත්‍යාංශ 5ක් ඒකාබද්ධ කරලා මෙවර අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩනගලා තියෙන්නේ, පොදු තේමාවක් කේන්ද්‍ර කරගෙනයි. ඒ මානව සම්පත් සංවර්ධනයයි. අධ්‍යාපන අමාත්‍යාංශයට දක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් සිවු දෙනෙක් පත්ව සිටිනවා. වෙන කිසිම අමාත්‍යාංශයකට මේ ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් පත්කරලා නැහැ. ඕනෑම වැඩක් සාර්ථක ව ඉටු කරන විශිෂ්ට ලේකම්වරයෙක් අපට ඉන්නවා. එය අපට ලොකු ශක්තියක්. ඉතින් ඒ වගේ ම ඔබතුමන්ලාගේ කාර්යභාරයත් රටට මේ අවස්ථාවේ දී අතිශයින් වැදගත්. අප කියන දේ කරනවා වෙනුවට ඔබේ අදහස් අපට ලබාදෙන්න. ඔබේ සහාය අපට වැදගත්. ඒ සඳහා ඔබේ කාර්යභාරය අරඹන්න..” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමඟ අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පවත්වන ලද පළමු නිල හමුවට එක්වෙමින්  පසුගියදා (03) අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“ජාතික අධ්‍යාපන ආයතනය අපේ අධ්‍යාපන පද්ධතියට විශාල ශක්තියත් ලබා දිය හැකි තැනක්. ඔබතුමන්ලාගේ කාර්යභාරය ඉතා වැදගත්.  අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික ගැටළු දෙකක් අපි දකිනවා. ඒ තමයි, අපේ විෂය මාලා හා ඉගැන්වීමේ ක්‍රමවේදය. ඉගැන්වීමේ ක්‍රමවේද තුළින් අධ්‍යාපනයේ අරමුණු ඉටු වෙලා තියෙනව ද කියන එක ගැන විචාරශීලීව සොයා බැලිය යුතුයි. අපේ දරුවන්ට අද සිදුව තිබෙන්නේ කරුණු මතක තබාගැනීමටයි. උගන්වන දේ මතක තබාගෙන විභාගයට ලියනවා පමණයි. එහෙත් ළමයාගේ උත්පාදක ශක්තිය, නිර්මාණශීලීභාවය, ස්වාධීන ව සිතීම, ගැටළු විශ්ලේෂණ හැකියාව, ජිවිතයේ උද්ගත වන ප්‍රශ්න විසඳීමේ දී ඉගෙනගත් දේ යොදා ගන්නේ කෙසේද කියන එක පිළිබඳ අවශ්‍ය අවධානය යොමු වන්නේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා විෂය මාලා ප්‍රතිසංස්කරණය කරන්න.

මේ සම්බන්ධයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සම්මන්ත්‍රණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. විදුහල්පතිවරුන්, ගුරුවරුන් දෙමව්පියන්, සිසුන් ආදිසිසුන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් අපි මේ සංශෝධන සිදුකරනවා. විෂයමාලාවල ගැබ්ව ඇති දුර්වලතා හඳුනාගනිමින් ඒ සඳහා ගත හැකි පියවර ගැන සොයා බලනවා, යැයි ද පැවසීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු උපාධි ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් තමන්ට ලැබෙන රැකියාව පිළිබඳ තෘප්තිමත් ද, ඔවුන් ලබාගත් අධ්‍යාපනය සහ රැකියා වෙළඳ පොළ ඉල්ලීම අතර ගැළපීමක් තිබේද.. වැනි කරුණු කෙරෙහි ප්‍රායෝගිකව සොයාබැලිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය. මෙරට ව්‍යාපාරික ප්‍රජාවට ආයෝජන අවස්ථා වැඩිකිරීමේ හැකියාව පවතින බවත්,  එහෙත් අධ්‍යාපන පද්ධතිය තුළින් ඒ සඳහා ගැළපෙන මානව සම්පත නිර්මාණය කළ යුතුව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

දැනට පවත්නා විශ්වවිද්‍යාල සංඛ්‍යාවට අමතරව අලුතින් විශ්වවිද්‍යාල  10ක් ගොඩනැඟීමට ද ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුව සහාය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවත්, අභිමානවත් ව සමාජයේ ජීවත්වන්නට අවශ්‍ය පරිසරය මෙරට සියලු උපාධිධාරීන්ට නිර්මාණය කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, වෛද්‍ය සීතා අරඹෙපොළ මැතිතුමිය ඇතුළු අමාත්‍යවරුන් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...
  • අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…

    අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි ක...
  • මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්...
  • පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට

    2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශි...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP