logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “මානව සම්පත් සංවර්ධනයේ දී රටේ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම හා කාර්යභාරය අතිවිශාලයි” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

“මානව සම්පත් සංවර්ධනයේ දී රටේ ආගමික සංස්ථාවට පැවරෙන වගකීම හා කාර්යභාරය අතිවිශාලයි” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්

රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ අතිගරු ජනාධිපතිතුමන් විසින් වෙන් වෙන් ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත් ව  ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම් (පැවිදි පත්වීම් 137ක්, ගිහි පත්වීම් 123ක් සහ සීල මාතා පත්වීම් 3ක් මීට ඇතුළත් ය.)  ලබාදීම වෙනුවෙන් අද (15) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අපේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් පුරා නවීකරණය වී නොමැති බවත්, නූතන රැකියා අවස්ථා සහ සිසුන් ලබාගන්නා අධ්‍යාපනය අතර විශාල පරතරයක් පවත්නා බවත්, ඉතිහාසයේ සිට ම පවත්නා සමාජ ක්‍රමයට වෛරකරන, අපේක්ෂා සුන් වූ මිනිසුන් ගොඩනැගෙන්නට හේතුව එය බවත්, මේ නිසා  විෂයමාලා සංශෝධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ජාතික වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන් ම අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ දී දිස්ත්‍රික් මට්ටමින් සෑම සමාජ පාර්ශවයක ම අදහස්, සහ යෝජනා ලබාගන්නා අතර, විශේෂයෙන් ම ආගමික සංස්ථාවේ සහාය ඒ සඳහා ඉතා වටිනා බවයි.

නීති දැඩි කිරීමෙන් පමණක් රටක් යහපත් කිරීම සම්පූර්ණයෙන් කළ නොහැකි බව ද, දිනපතා මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන මත්ද්‍රව්‍ය භාවිතය, ගිනි අවි භාවිතය, පාතාල ක්‍රියාවන් ඇතුළු විවිධ නීතිවිරෝධී සහ සාපරාධී කටයුතුවලට නීතිමය පියවර කෙතෙක් ගත්ත ද, ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් ගොඩනැංවීම ඉතා වැදගත් වන බව ද, එය පෙරපාසල් අධ්‍යාපනයේ සිට ම අධ්‍යාපන පද්ධතිය තුළට ප්‍රවේශ කළ යුත්තක් බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය වකවානුව තුළ ගමයි – පන්සලයි අතර සම්බන්ධය තරමක් දියාරු ස්වරූපයකින් පැවති බවත්, ඇතැම් පාර්ශව විසින් චේතනාන්විත ව ම එම තත්ත්වය ඇති කරන ලද බවත් පැවසූ අමාත්‍යවරයා, හැඟීම් නැති රොබෝවරුන් අධ්‍යාපනයෙන් බිහිකරනු වෙනුවට සමාජයට, සංස්කෘතියට ආදරය කරන මිනිසුන් තනන්නට බුදුදහම ප්‍රමුඛ කොටගත් ආගම් තුළින් විශාල පිටුබලයක් ලබාදිය යුතු බවද පැවසීය. අද දින පත්වීම් ලැබූ නවක පරිවේණාචාර්යවරුන්ට එම පිටුබලය මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත ලබාදීමට ශක්තිය සහ හැකියාව ලැබේවායි අමාත්‍යවරයා සුබාශිංසන එක් කළේය.

මෙම අවස්ථාවට කොළඹ, මාළිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්, ජාතික පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය ලේකම් එස් එච් හරිස්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP