logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • භෞමික පිහිටීම හා සිසු අවශ්‍යතා සැලකිල්ලට ගෙන ප්‍රමුඛ පාසල් (Lead Schools) සහිත පාසල් පොකුරු සංකල්පය ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා.
සඳුදා, 31 ඔක්තෝබර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

භෞමික පිහිටීම හා සිසු අවශ්‍යතා සැලකිල්ලට ගෙන ප්‍රමුඛ පාසල් (Lead Schools) සහිත පාසල් පොකුරු සංකල්පය ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා.

– අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

   අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ කලාප කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ලබන ජනවාරි වන විට එවැනි පාසල් පොකුරු 1200ක් පමණ දීපව්‍යාප්ත මට්ටමින් හඳුනාගත හැකි ව පවතින බව හෙතෙම සඳහන් කරයි.  මේ පාසල් පොකුරක් තුළ පවතින පාසල් අතර අන්තර් කළමනාකරණ ක්‍රියාවලියක් ඔස්සේ භෞතික හා මානව සම්පත් හුවමාරුවක් හරහා සිසු අවශ්‍යතා ඉටු කර ගැනීමේ පිරිමැසුම්දායක කාර්යක්ෂ්ම යාන්ත්‍රණයක් සැකසෙන බව ද අමාත්‍යවරයා පැවසී ය. මෙහි දී පාසල් හෝ සම්පත්වල  මාරුවීමක් හෝ බෙදා වෙන්කිරීමක් සිදු නොවන බවත් භෞතික මෙන් ම තාක්ෂණික ක්‍රමවේද හරහා හුවමාරුවක් පමණක් සිදු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය. සෑම සිසුවකු ම අත්නොහැරී අවධානයට ලක් වන අතර හුදකලා පාසල් ඉදිරියේ දී ඉතිරි නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය  (NERC) හා පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන (PERC) මගින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මේ ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාවට නංවනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

     ජාතික පාසල් හා වෙනත් පාසල් ද මේ පාසල් පොකුරක ප්‍රමුඛ පාසල් (Lead School) බවට පත් වීමට ඉඩ තිබෙන අතර මේ පාසල් පොකුරු සංකල්පය හරහා ඉදිරියේ දී අපට දැකිය හැකි වන්නේ ප්‍රාථමික පාසල්, කණිෂ්ඨ ද්විතීයක පාසල්, ජ්‍යේෂ්ඨ ද්විතීයක පාසල් යනුවෙන් පොදු විධිමත් පාසල් වර්ගීකරණයක් බවත් මෙමගින් පාසල් පද්ධතියේ ප්‍රමිතිය හා නිර්ණායක ඇතුළත් පාසල් පැතිකඩ සංකල්පය විධිමත් ව සංවර්ධනය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP