logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • බස්නාහිර හැර සෙසු පළාත්වල 6 -13 ශ්‍රේණි සඳහා නොවැම්බර් 23වෙනිදා සිට පාසල් ඇරඹෙයි …
බ්‍රහස්පතින්දා, 19 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

බස්නාහිර හැර සෙසු පළාත්වල 6 -13 ශ්‍රේණි සඳහා නොවැම්බර් 23වෙනිදා සිට පාසල් ඇරඹෙයි …

තුන්වෙනි පාසල් වාරය  ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනය covid තත්වය හේතුවෙන් නොවැම්බර් මස 9 වැනිදා සිට සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගත් අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව, බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වෙනිදා සිට 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එහෙත් සෙසු පළාත්වල ද දැනට හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටි පාසල්  මේ යටතේ විවෘත නොවේ. එමෙන්ම 1 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන්  පවත්නා ප්‍රායෝගික තත්වය හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පාසල් ආරම්භ නොකෙරේ.

දිවයිනේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් 6257 ක් පවතී. එම පාසල් අතර පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 15 ට අඩු පාසල් සංඛ්‍යාව 28.6% ප්‍රතිශතයක් ගනී. සිසුන් සංඛ්‍යාව 16 සිට 30 දක්වා වන පාසල් සංඛ්‍යාව 43.6% ප්‍රතිශතයක් වේ. එමෙන්ම 12-13 ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙන පාසල් 2898 ක් පවතී. එම පාසල්වල පන්තියක සිසුන් 15 ට අඩු පාසල් ප්‍රතිශතය 53.4% කි. සිසුන් 16 සිට 30 දක්වා පන්ති පැවැත්වෙන පාසල් ප්‍රතිශතය 36.7% කි.

මේ අනුව, දුරස්ථභාවය ආරක්ෂා කරමින්,  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, 6 සිට 13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ පසුබිම විදුහල්පතිවරුන් විසින් සකසා ගත යුතු බවද, ඒ සඳහා විදුහල්පතිවරයා විසින් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරී, ග්‍රාමසේවක, පාසල් සංවර්ධන සමිති නියෝජිතයෙක්,සහ ආදිශිෂ්‍ය නියෝජිතයෙකු ගෙන් සමන්විත කමිටුවක් පත්කර ගත යුතු බව ද කමිටු නිර්දේශ අදාල අධ්‍යාපන කලාපය භාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ  යුතු බවද ඒ අනුව පාසල් පැවැත්වීමට පියවර ගත යුතු බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කරයි.

එක් එක් ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යාමේදී පවත්නා අභියෝග, ගැටලු එකිනෙකට වෙනස්වන නිසා ඉසුරුපායේ සිට පොදු ක්‍රමවේදයක් තුළ මෙම තීරණ ක්‍රියාවට නැංවීම ප්‍රායෝගික නොවන හෙයින්, විදුහල්පති කමිටුව හරහා අදාල තීරණ ක්‍රියාත්මක කිරීමට බලය පවරා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබේ.

Covid හේතුවෙන් කල් දමන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වැනි දින සිට ආරම්භ කිරීමට දින නියම කර ඇතත්, බස්නාහිර පළාතේ සහ හුදකලා කළ පොලිස් වසම් තුළ පවතින පාසල්වල දරුවන්ට පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විභාග දින සංශෝධනය කිරීමට සිදුවේද යන්න ඉදිරි දෙසතිය තුළ තීරණයක් ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළේය. කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට අදාළ ප්‍රදේශවල 11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් හෝ පාසල් ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් තීරණයක් ඉදිරි දෙසතිය තුළ ලබාදෙනු ඇත.

පාසල් ආරම්භ කිරීමත් සමඟ,සිසුන් ප්‍රවාහනය  සම්බන්ධයෙන් ගන්නා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව ද ඉදිරි දින කිහිපය තුළ ප්‍රවාහන අංශ සමග සාකච්ඡා කොට තීරණයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...
  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP