logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 ආරම්භ කරනවා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී. එල්. පීරිස්
බදාදා, 10 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 ආරම්භ කරනවා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී. එල්. පීරිස්

පළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු  15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපි මේ සම්බන්ධ ව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලින් නිර්දේශ ලබා ගත්තා. පාසලෙන් පාසලට තත්ත්වය වෙනස් වන නිසා පොදුවේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් තීරණයක් ගැනීම සුදුසු නැති බව අපි තීරණය කළා. ඒ අනුව පාසල්වල කමිටු මඟින් විදුහල්පතිවරු ප්‍රමුඛ කමිටුවල අදහස් ලබා ගත්තා. ඒ කමිටුවල තීරණය අනුව පෙබරවාරි 15වැනි දින බස්නාහිර පළාතේ පාසල්වල බහුතරය විවෘත කිරීමට හැකි වේවි යැයි අපි අපේක්ෂා කළා. කෙසේනමුත් අපි ස්ථාවරයක සිටියා, එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නට හැකි වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට යටත් ව බව. අද උදෑසන අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ නිර්දේශ ලැබුණා. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර් තු 01වෙනි දින සිට 11වන දින දක්වා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ වහා ම එනම් මාර්තු 15වන දින බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේ ම සියලු පාසල් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අපට දැනුම් දුන්නා. අපි අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා එකතු ව පාසල් ආරම්භ කිරීමට සුදුසු වටපිටාවක් සකස් කළා. දිගින් දිගට ම රැස් වෙලා එම තීන්දු තීරණ ගැනීමෙන් අනතුරු ව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සකසන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා” යැයි ද පැවසීය.

බස්නාහිර පළාතේ කලාප 11ක් සහ ‍කොට්ඨාස 38ක් පවතින අතර, මේ සියල්ලේ ම සාකච්ඡා දිගින් දිගට ම පසුගිය දිනවල පවත්වන ලද අතර, විදුහල්පතිවරුන්, පාසල් කමිටු සියල්ල එක්ව මේ සඳහා වෙහෙසුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මණින් පාසල් ආරම්භ කිරීමට හැකි වටපිටාවක් සහ පදනමක් මේ වනවිට සකස්ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වන්නේ  බස්නාහිර පළාතේ සියලු ම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 15 වැනි දා සිට ආරම්භ කිරීම සුදුසු වන බවයි.  2021 වර්ෂයේ 1වන ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ට ද මාර්තු 15 වෙනිදා සිට පාසල් ආරම්භ වේ.

මෙම තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර පාසල්වලටත්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් වලංගු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම පාසල්වලට මේ තීරණය අදාළ නොවේ.

මේ වනවිට බස්නාහිර පළාතේ අධ්‍යයන කටයුතු ආරම්භකර තිබෙන 11 වන ශ්‍රේණියේ පන්ති සුපුරුදු ලෙස ක්‍රියාත්මක වන අතර, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර එම ශ්‍රේණිය සඳහා මේ වනවිට සිදු කෙරෙන අධ්‍යයන කටයුතු නතර කෙරේ.

දිවයිනේ මේ වනවිට ආරම්භ කර ඇති පාසල්වල සිසුන්ගේ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 72% ක් සහ සහ ගුරුවරුන්ගේ පැමිණීම 88% ක් දක්වා වර්ධනය වී පවතින බව ද,  පාසල් සෞඛ්‍යාරක්ෂිතව පවත්වන බවට දෙමව්පියන් සහ සිසුන් තුළ විශ්වාසයක් පවතින බව එයින් තහවුරු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ද සහභාගී විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP