logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලබාදුන් ටැබ් පරිගණක යන්ත්‍ර නැවත ලබාගැනීමක් පිළිබඳ පළවෙන සාවද්‍ය ප්‍රචාරය නිවැරදි කිරීම සම්බන්ධව යි.
අඟහරුවාදා, 27 ජූලි 2021 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයට ලබාදුන් ටැබ් පරිගණක යන්ත්‍ර නැවත ලබාගැනීමක් පිළිබඳ පළවෙන සාවද්‍ය ප්‍රචාරය නිවැරදි කිරීම සම්බන්ධව යි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ/මාර්ගගත ක්‍රමය හරහා සමස්ත ලංකාවේ ම දරුවන්ට ලබාදීම සිදුවුණු අතර දුරකථන සංඥා ආවරණ පහසුකම් නොමැති වීම, අන්තර්ජාල පහසුකම් නොමැති වීම, පරිගණක ආශ්‍රිත උපාංගයන් නොමැති වීම නිසා දුෂ්කර ප්‍රදේශවල දූ දරුවන්ට එම අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට නොහැකි විය. ඊට පිළියමක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය මඟින් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2100ක් පමණ පිහිටුවීමට තීරණය කරන ලදී. එම සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීමේ දී,  ඉහත සම්පත් තිබෙන සහ ලබාගත හැකි ප්‍රදේශයේ ළඟ ම පාසලෙන් තාවකාලික පදනම මත උපකරණ කිහිපයක් ලබාගෙන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට, වැඩසටහනට අදාළ උපදෙස් සංග්‍රහයක් මඟින් අධ්‍යාපන අමාත්‍යංශය, නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව ආසන්නතම නවෝද්‍යා පාසලක් වන හොරවල නවෝද්‍යා පාසලෙන් ටැබ් පරිගණක යන්ත්‍ර 10ක් දොඩම්පාපිටිය විද්‍යාලයට ද ලබාදෙන ලදී.

ඒ අනුව දිවයිනේ ප්‍රථම සම්පත් මධ්‍යස්ථානය ලෙස විවෘත කරන ලද්දේ බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය යි. එම උත්සව අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 05ක් සහ මොබිටෙල් ආයතනය මඟින් බහුමාධ්‍ය ප්‍රේක්ෂණ යන්ත්‍රයක් පිරිනමන ලදී.

වැඩසටහන අවසන් වීමෙන් අනතුරු ව, සමස්ත දරුවන් 51ක් පමණක් ඉගෙන ගන්නා දොඩම්පාපිටිය පාසලට අලුතින් ලැබුණු ලැප්ටොප් පරිගණක එහි භාණ්ඩ ලේඛනයට ඇතුළත් කොට භාවිතයට ගන්නා ලදී. ප්‍රමාණවත් යන්ත්‍ර ප්‍රමාණයක් තිබෙන බැවින් තාවකාලික පදනම මත ලබාගත් ටැබ් යන්ත්‍ර හොරවල නවෝද්‍යා පාසලට නැවත ලබාදෙන ලදී.

එබැවින් කිසිසේත් ම පාසලට ලබාදුන් ලැප්ටොප් නැවත රැගෙනගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බැව් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.

මේ සම්බන්ධ ව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය අමතමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, දොඩම්පාපිටිය විද්‍යාලයේ විදුහල්පති සහ දෙමාපියන් විසින් ලබාදුන් ප්‍රකාශයන් ද පහතින් දැක්වේ.

ඩී.එම්.එල්.පී. දිසානායක – මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

දුරස්ථ/මාර්ගගත අධ්‍යාපනය හරහා අධ්‍යාපන කටයුතු සිදුවෙනවිට එම පහසුකම් නොමැති ප්‍රදේශවල දරුවන්ට සම්පත් මධ්‍යස්ථාන හරහා අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සලසා දීමේ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නංවන ‘සම්පත් මධ්‍යස්ථාන’ පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ආරම්භක වැඩසටහන අප කලාපයේ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් පසුගිය 05 වැනි දින ආරම්භ විය. එම වැඩසටහන සඳහා ආසන්නත ම නවෝද්‍යා පාසල වන හොරවල නවෝද්‍යා පාසලෙන් ටැබ් යන්ත්‍ර 10ක් නැවත ලබා‍දීමේ කොන්දේසිය මත අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ලබා ගන්නා ලදී. එම උත්සවය අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා විසින් ලැප්ටොප් පරිගණක 05ක් දොඩම්පාපිටිය විද්‍යාලයට පරිත්‍යාග කරන ලදී. ආරම්භක උත්සවය සාර්ථක කරගැනීමෙන් අනතුරු ව, අධ්‍යාපනය ලබන දරුවන් 51ක් පමණක් සිටින එම පාසලේ ප්‍රයෝජනය සඳහා ලැප්ටොප් 05ක් ප්‍රමාණවත් බැවින්, තාවකාලික ව ටැබ් යන්ත්‍ර ලබාගත් පාසලට ම ඒවා නැවත ලබා දෙන ලදී. ඒ සමඟ ම මොබිටෙල් ආයතනය මඟින් බහු මාධ්‍ය ප්‍රේක්ෂණ යන්ත්‍රයක් සහ තිරයක් මෙම පාසල වෙත ලබාදෙන ලදී.  ඒ සියල්ල පාසලේ භාණ්ඩ ලේඛනයට (ඉන්වෙන්ට්‍රියට) ඇතු‍ළත් කිරීමෙන් අනතුරු ව දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී තිබේ.

අප පාසලට ලබා දුන් ටැබ් යන්ත්‍ර ආපසු රැගෙන ගිය බවට පවසන කතාව සම්පූර්ණයෙන් ම අසත්‍යයක්- ආර්.එච්.ඩී.එම්.ආර්. සෙනෙවිරත්න- විදුහල්පති බප/මතු/ දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලය.

දූරස්ථ/මාර්ගගත අධ්‍යාපනය හරහා අධ්‍යාපන කටයුතු සමස්ත ලංකාව පුරා ම සිදු වෙනවිට එම පහසුකම් නොමැති  (දුරකථන සංඥා ආදිය සහ තාක්ෂණික උපකරණ නොමැති බැවින්)අධ්‍යාපන අමාත්‍යංශය මඟින් පසුගිය දා ක්‍රියාවට නැංවූ සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ අප පාසලෙනි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ද උපදෙස් සහ අනුමැතිය සහිත ව ළඟ ම තිබෙන නවෝද්‍යා පාසල වූ හොරවල නාවෝද්‍යා පාසලෙන් ටැබ් පරිගණක යන්ත්‍ර 10ක් නැවත ලබාදීමේ පොරොන්දුව පිට ලබා ගන්නා ලදී. මොබිටෙල් ආයතනය මඟින් සංඥා පහසුකම් ලබා දෙන ලදී. උත්සව ආරම්භක අවස්ථාවේ දී පියල් නිශාන්ත අමාත්‍යතුමා විසින් ලැප්ටොප් යන්ත්‍ර 05ක් ප්‍රදානය කරන ලදී. දරුවන් 51ක් සිටින අප පාසලට එම ප්‍රදානයෙන් ලැබුණු යන්ත්‍ර ප්‍රමාණවත් බැවින් නවෝද්‍යා පාසලෙන් ලබාගත් යන්ත්‍ර නැවත එම පාසලට ලබා දෙන ලදී. එම යන්ත්‍ර පාසලේ භාණ්ඩ ලේඛනයට (ඉන්වෙන්ට්‍රියට) ඇතුළත් ‍කිරීමෙන් අනතුරු ව මේ වනවිට ත් අප පාසලට අලුතින් පත්කර එවූ අභ්‍යාසලාභී ගුරුවරුන් දෙදෙනා, උදේ 08.00 සිට ප.ව. 3.00 දක්වා එම ඒවා භාවිත කරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දී තිබේ.

එබැවින් කිසිසේත් ම අමාත්‍යංශය විසින් ලබා දුන් පරිගණක යන්ත්‍ර නැවත ලබා නොගත් බව ත් ගුරුවරුන් හෝ වෙනත් කිසිවකු රැගෙන නොගිය බව ත් වගකීමෙන් යුතු ව ප්‍රකාශ කරමි.

දෙමාපියන්ගේ අදහස්

1.         මාගේ දුව සහ පුතා අධ්‍යාපනය ලබනුයේ බප/මතු/දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ය. මෙහි අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් සිදු කෙරේ. උදේ 6.00ට පාසලට පැමිණෙන විදුහල්පතිතුමා සහ ගුරුවරුන් සවස 3.30 පමණ වනතෙක් අධ්‍යාපන කටයුතු සිදු කරති. මේ පාසල නැති කරන්නට කිසියම් කණ්ඩායමක් උත්සාහ ගනිති. නමුත් කුඩු විකුණන අයට අවශ්‍ය පරිදි රටේ අධ්‍යාපනය සැකසීමට අවස්ථාව දිය යුතු නැහැ. බොරු දේශපාලඥයන්ගේ ව්‍යාජ දේශපාලන මතිමතාන්තර අපට අවශ්‍ය නැහැ. අධ්‍යාපන අමාත්‍යතුමා ගත් උත්සාහය ඉතා ම සාර්ථක යි. අපට අවශ්‍ය වන්නේ අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම යි. බොරු මාධ්‍ය ප්‍රචාර මඟින් මේ පාසල වසන්නට ඉඩ දෙන්නට බැහැ. මාධ්‍ය මඟින් අසත්‍ය පුවතක් දුටු විට ඇ‍ඟේ හිරිගඩු පිපුණා. ඒ නිසා මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මේ ආකාරයට පාසලට, ගුරුවරුන්ට අපහාසවන විදියට කටයුතු කරන්නට එපා කියලා.

2.         වැරදි ප්‍රචාරයක් මාධ්‍ය මඟින් ප්‍රචාරය වෙනවා. එය සම්පූර්ණයෙන් ම වැරදියි. අපේ ඉස්කෝලෙට ලැබුණු පරිගණක ටික දැන් මෙතන තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP