logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පූර්ණ සෞඛ්‍යාරක්ෂාව යටතේ පෙබරවාරි 15ට පෙර බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරනවා”
සිකුරාදා, 29 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පූර්ණ සෞඛ්‍යාරක්ෂාව යටතේ පෙබරවාරි 15ට පෙර බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරනවා”

·  “කොවිඩ් එන්නත ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස          රජයෙන් ඉල්ලීමක් කරනවා”    
–  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ  එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා‌ මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29)  දින  සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි. විශාල උනන්දුවක් සහ කැපවීමක් සහිතව ඉතා ක්‍රමානුකූල ව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින්, දෙමව්පියන් සමග ද සම්බන්ධීකරණය පවත්වාගනිමින් ඉතා සැලකිලිමත් ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා  සිය කෘතවේදීත්වය පළ කළේය.

එමෙන් ම දරුවන් සමඟ දිනපතා ගැටෙන පිරිසක් ලෙස කොවිඩ් එන්නත ලබාදීමේ දී අපේ ගුරු පරපුරට ප්‍රමුඛතාවක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බව ද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ද  සඳහන් කළේය.

තවදුරටත්  අදහස් දැක්වූ අමාත්‍යවරයා,.

“කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ. නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි  සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා. සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”. යැයි පැවසීය.

මෙවන් අසීරු අවස්ථාවක ගුරුවරුන් කරන අද්විතීය මෙහෙවර සම්බන්ධයෙන් ද තම කෘතවේදීත්වය පළ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමෙන් වන පාඩුව වෙනත් දේ මෙන් පියවා ගත නොහැකි බව ද, රට තුළ  අවදානමක් පවතින නමුත් පාසල් දිගින් දිගටම වසා තැබීම ප්‍රායෝගික නොවන බව ද, සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක ඇතුළු සියලු අංශවල පූර්ණ සහයෝගය යටතේ සමස්ත ක්‍රියාවලීන් සාර්ථක ව යථාතත්වයට පත්කරගැනීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නාහිර පළාතට අයත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් ආරම්භ කිරීම සඳහා පියවර ගැනීමට ඒ ඒ පාසල්වලට බලය පවරා ඇති බව ද, චක්‍රලේඛවල ගැටලු වෙතොත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දීමටත් අවස්ථාව ලබා දී ඇති බව ද  සඳහන් කළ අමාත්‍යවරයා, ඒ නිසා ම පෙබරවාරි 15වන දිනට පෙර පාසල් ආරම්භ කිරීමට හැකි පාසල් මොනවාද යන්න මේ වනවිට සොයාබලමින් සිටින බවත් පැවසීය. සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාම වෙනුවෙන් ඒ ඒ පාසල්වලට අවශ්‍ය පහසුකම්, මූල්‍ය ප්‍රතිපාදන ආදිය ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

බස්නාහිර පළාතේ පෙරපාසල් ආරම්භ කිරීම සඳහා ද  අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙන බවත්, කුඩා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සමාජ දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කරුණ ප්‍රායෝගිකව ගැටඵකාරී තත්වයක් වන නමුත් පෙරපාසල් වසා තිබීම ද දරුවන්ට, දෙමාපියන්ට මෙන් ම පෙරපාසල් ගුරුවරුන්ට ගැටඵවක් වන බව  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන් ම බස්නාහිර පළාතේ 1සිට 5 දක්වා ශ්‍රේණි විවෘත කිරීමට ඇති ප්‍රායෝගික හැකියාව ද  මේ වනවිට සොයා බලමින් සිටින බවත් හැකි ඉක්මනින් එම ශ්‍රේණි සඳහා ද පාසල් ආරම්භ  කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් නලින් ගම්ලත් මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP