logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව මාර්තු 26 සිට… – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ‍සී.කේ. පෙරේරා
බදාදා, 10 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව මාර්තු 26 සිට… – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ‍සී.කේ. පෙරේරා

පුර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළිදැක්වීම මාර්තු මස 26 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ නව රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්’ සඳහා වන මූලික වටයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වීමෙන් අනතුරු ව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා,

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොඑසේ නම් සෞභාග්‍යයේ දැක්ම අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මූලිකත්වයක් ලබා දී තිබෙනවා. 1970 දශකයෙන් පසුව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අපේ රටේ සිදු වී නොමැති බවයි මගේ හැඟීම. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ විෂයමාලා සංශෝධනය පමණක් නොවෙයි. දැයේ අනාගතය සැකසෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමෙන් පමණයි. රටක සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරිය රැගෙනයාමට හැකිවන්නේ එයින් පමණයි. ඒ නිසා ම අතිගරු ජනාධිපතිතුමා සහ රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වෙන ම ම රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවා තිබෙන්නේ. ඒ රාජ්‍ය අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් එකතු වෙලා කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් මේ වනවිට සිදුකර අවසන්.

ඊට අමතරව මේ සඳහා කාර්යසාධන බලකා 02ක් පිහිටුවා තිබෙනවා. ඉන් එකක් තමයි කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කරන ලද අධ්‍යාපන කාර්යසාධන බලකාය. අනෙත් එක තමයි කොවිඩ් වසංගතය අතරතුර අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් උදෙසා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය. මේ තුළින් අතීතය, වර්තමානය සහ අනාගතය යන ත්‍රිවිධ කාලයන් ම සලකා පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය, පෙරපාසල් පද්ධතිය, නිපුණතා සංවර්ධනය කියන සියලු ම අංශවල දරුවන් උදෙසා මෙම ප්‍රතිසංස්කරණය සිදු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ත් විශාල වැඩ කොටසක් ඒ වෙනුවෙන් සිදුකර අවසන්.

එමෙන් ම ජනපතිතුමා පත්වීමට වසර ගණනාවකට පෙර එතුමා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා මේ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අනුව තමයි මෙම කටයුත්තට වෙන ම කාර්යසාධන බලකායක් පිහිටුවනු ලැබුවේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ රට වෙනුවෙන්. රටේ විවිධ සමාජ කොටස්, පාරේ සිටින කම්කරුවාගේ සිට රටේ ජනාධිපතිවරයා දක්වා සියලු දෙනා ඇතුළත් වන පරිදි තමයි මේ කටයුත්ත සිදු වන්නේ. සාම්ප්‍රදායික ලෙස සම්මන්ත්‍රණවලින් මෙම ප්‍රතිසංස්කරණ කරනවා වෙනුවට ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කරන්නට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව මාර්තු 26වැනි දින ‍එම වේදිකාව හඳුන්වා දෙනවා. මේ හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ, ප්‍රතිපත්ති රාමුව, ක්‍රියාත්මක කරන ආකාරය ආදිය පිලිබඳ අදහස් යෝජනා, චෝදනා විවේචන සියල්ල ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එම වේදිකාව මාස 03ක කාලයක් තිබෙනවා.

අධ්‍යාපන විශේෂඥයන්, පූජ්‍ය පක්ෂය, විශ්වවිද්‍යාල ප්‍රජාව, පාසල් ප්‍රජාව, සාමාන්‍ය ජනතාව, විවිධ වෘත්තිකයන්, සංවිධාන, මාධ්‍යවේදීන් ආදී සියලු දෙනාගේ අදහස් කැටි කරලා අධ්‍යයනයකින් අනතුරුව තමයි ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන්නේ. ඒ නිසා සියලු දෙනාට ම ආරාධනා කරනවා මාර්තු 26න් පසුව ඩිජිටල් වේදිකාව හරහා මෙරට අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ අපට දැනුම් දෙන්න කියලා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය එම්. උපාලි සේදර, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වැ.බ.) අධ්‍යක්ෂ ප්‍රභාත් විතානගේ, ආචාර්ය නාලක හේවාමද්දුම, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, රාජ්‍ය මාත්‍යංශ මාධ්‍ය ලේකම්වරු වන සංජක ප්‍රසාද් දොලේවත්ත, උදේශ් ඉන්දුල මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP