logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනයේ පහසුකම් සංවර්ධනය පිළිබඳ අධ්‍යයනයකර, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
බදාදා, 26 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

“පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනයේ පහසුකම් සංවර්ධනය පිළිබඳ අධ්‍යයනයකර, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්

මෙරට දහම්පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදී යාම පිළිබඳ ව අධ්‍යයනක් සිදුකර, ඒ සම්බන්ධ වාර්තාවක් කඩිනමින් කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ශ්‍රී ලංකාව තුළ විසිරී තිබෙන 800කට අධික පිරිවෙන් සහ 11 000කට අධික දහම් පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ, ඊයේ  (25) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති හමුවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙරට පාසල් පද්ධතියට ලබා දෙන ප්‍රමුඛතාවෙන් සුළු ප්‍රමාණයක්වත් දැනට පිරිවෙන් සහ දහම්පාසල් සඳහා ලැබෙන්නේ නැහැ. ඒ නිසා වහා ම ඒ පිළිබඳ සියලු තොරතුරු එක් රැස් කළ යුතු යි. විශේෂයෙන් ම ඒවාට ලැබෙන පහසුකම් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි යි. සමහර දහම්පාසල්වල දරුවන් ඉගෙන ගන්නේ පුටුවක්වත් නොමැති ව යි. ඇතැම් පිරිවෙන් සහ විද්‍යායතනවලට,  ඇතැම් පාසල්වලට පවා නොමැති පහසුකම් ලැබෙද්දී තවත් දහම්පාසලකට  ඉඳගන්නට පුටුවක් පවා නොලැබීම කණගාටුවට කරුණක්. ඒ නිසා සම්පත් සම ව බෙදී යන ලෙස අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමටත්,  පහසුකම් සංවර්ධනයටත් කටයුතු කළ යුතු යි. එමෙන් ම ඒ සඳහා ලබාදෙන අධ්‍යාපනය පිළිබඳ නිසි ඇගැයීමක් සහ දිරිගැන්වීමක් මෙන් ම නියාමනයක් ද අවශ්‍ය යි…

සංඝරත්නයට අවශ්‍ය පහසුකම් සපයා දීම පිළිබඳව ද අපගේ විශේෂ අවධානය යොමු විය යුතු යි. පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනය පිළිබඳ පසුගිය රජය විසින් නිසි සොයා බැලීමක් සිදු නොකිරීම මීට ප්‍රධාන හේතුව යි. අපි වහා ම ඒ අඩු පාඩුව නිවැරදි කළ යුතු යි. සියල්ලන්ට සම සම ව පහසුකම් ලබා දී ඒවායේ නිසි නියාමනයක් සහ අධීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු යැයි ද “පැවසීය.

බෞද්ධ අධ්‍යාපනය සඳහා වෙනත් රටවල ශිෂ්‍යත්ව පිරි නැමීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරි නැමීම ආදිය පිළිබඳ සොයා බැලිය යුතු බවත්, විදේශයන්හි අධ්‍යාපනය ලබන, එම රටවල පදිංචි වී සිටින ස්වාමීන්වහන්සේලාගේ සහයෝගය මේ සඳහා ලබාගත හැකි  බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

“දැනට දහම්පාසල් ගුරුවරුන් සඳහා වර්ෂයකට රු.5000ක මුදලක් පුස්තකාල දීමනාවක් වශයෙන් ලබා දෙනවා. එය වැඩි කිරීමට ඇති හැකියාව අපි සොයා බැලිය යුතු යි. දහම් පාසල් අධ්‍යාපනය ලබන ලක්ෂ 33කට ආසන්න පිරිසට අමතර ව දහම් අධ්‍යාපනය නොලබන දරු දැරියන් ඒ කෙරෙහි යොමු කරවා ගැනීම පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි. පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් සිටිය දී දහම් අධ්‍යාපනය නොලබන සිසුන් ඒ කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතු යි. එය අවම වශයෙන් ලක්ෂ 35ක්වත් කර ගැනීම අපේ ඉලක්කය විය යුතු යි. එමෙන් ම දහම්පාසල් ගුරුවරුන් සඳහා අවශ්‍ය සුදුසුකම් රාමුවක්, වැටුප් හෝ දීමනා සහ පහසුකම් ලබා දීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි” ​ පැවසී ය.

මෙහි දී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා,​

“දැනට දහම්පාසල් ගුරුවරුන් සඳහා වර්ෂයකට රු.5000ක මුදලක් පුස්තකාල දීමනාවක් වශයෙන් ලබා දෙනවා. එය වැඩි කිරීමට ඇති හැකියාව අපි සොයා බැලිය යුතු යි. දහම් පාසල් අධ්‍යාපනය ලබන ලක්ෂ 33කට ආසන්න පිරිසට අමතර ව දහම් අධ්‍යාපනය නොලබන දරු දැරියන් ඒ කෙරෙහි යොමු කරවා ගැනීම පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි. පාසල් අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 45කට අධික ප්‍රමාණයක් සිටිය දී දහම් අධ්‍යාපනය නොලබන සිසුන් ඒ කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ යුතු යි. එය අවම වශයෙන් ලක්ෂ 35ක්වත් කර ගැනීම අපේ ඉලක්කය විය යුතු යි. එමෙන් ම දහම්පාසල් ගුරුවරුන් සඳහා අවශ්‍ය සුදුසුකම් රාමුවක්, වැටුප් හෝ දීමනා සහ පහසුකම් ලබා දීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි”  පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු පිරිසක් එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP