logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ළමුන් ප්‍රවාහන වෑන් සහ බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට – විධිමත් වැඩපිළිවෙළක් – ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක්.
අඟහරුවාදා, 26 ජූලි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් ළමුන් ප්‍රවාහන වෑන් සහ බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට – විධිමත් වැඩපිළිවෙළක් – ගුරුවරුන්ට සහ සිසුන්ට පාසල් පැමිණීමට අගෝස්තු 01 දා සිට ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස් රථ සේවාවක්.

දරුවන්ට අපහසුවකින් තොර ව පාසල් පැමිණීම සඳහා  ප්‍රවාහන පහසුකම් විධිමත් ව සැපයීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ලංකා පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, ඛනිජ තෙල් සංස්ථාවේ අළෙවි කළමනාකරු එස්. එම්. සී. පී. සමරකෝන් සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද දින (2022. 07. 26)   පැවැත්විය.

   මෙහි දී පාසල් වෑන් හා බස් රථ සඳහා ආසන්න ම ඩිපෝ මගින් අවහිරයකින් තොර ව නියමිත ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා දීමටත් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමටත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගමනාගමන මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

   ඒ අනුව සතියට දින දෙකක් (බදාදා සහ සෙනසුරාදා) ඩිපෝ මගින් අවශ්‍ය ප්‍රමාණයට නිසි කළමනාකරණයක් යටතේ ඉන්ධන නිකුත් කෙරෙනු ඇත.

  ‘පාසල් සේවාව’ නමින් නව පෞද්ගලික බස්රථ සේවාවක් අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර බස් නාම පුවරුවල අදාළ පාසල් නාමයන් සඳහන් කරමින් දෛනික ගමන්වාර දෙකක් වශයෙන් මෙම බස් රථ ධාවනයට යෙදවේ. පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙම බස් රථ ලබා දීමට එකඟ වී ඇති අතර අගෝස්තු 01 දා සිට ගුරු සිසු දෙපිරිසට ම මුදල් ගෙවා අපහසුවකින් තොර ව මෙම ප්‍රවාහන සේවය සලසාගත හැකි ය.

    අවහිරයකින් තොර ව ඉන්ධන ලබා දීමට සකස් කළ නව වැඩපිළිවෙළ බස් රථ සංගම්වල පැසසුමට ලක් වූ අතර එයට සියලු දෙනාගේ සහයෝගය ලබා දීමට ද මෙහි දී එකඟතාව පළ විණි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP