logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් විෂය මාලාව සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් උසස් පෙළට පෙළ පොත් ලබාදීමට පියවරක් සඳහාත් අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සහ විදුහල්පතිවරුන් අතර පැවැත්වූ පළමු හමුව.
සිකුරාදා, 21 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් විෂය මාලාව සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් උසස් පෙළට පෙළ පොත් ලබාදීමට පියවරක් සඳහාත් අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සහ විදුහල්පතිවරුන් අතර පැවැත්වූ පළමු හමුව.

වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය, විවේචනාත්මක ව සිතීමට දරුවන්ට ඇති හැකියාව වර්ධනය කිරීම ප්‍රධාන කරුණක්. අධ්‍යාපනය ගවේෂණයක්. ඒත් පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට ඒ සඳහා ඉඩප්‍රස්ථා ලැබෙනුයේ අවම මට්ටමින්. ඒ නිසා දරුවන්ගේ උනන්දුව දියුණු වන අයුරින් අධ්‍යාපනයේ ව්‍යූහය සකස් කිරීමට අවශ්‍යයි. මෙය සියලු දෙනාගේ අදහස් ඇතිව කළ යුතුයි. අමාත්‍යාංශ මට්ටමින් අවසාන තීරණ ගැනීමට පෙර විෂයමාලා සංවර්ධනයට අදාළ ව දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් සංවාදයක් සිදුකරනවා, දිස්ත්‍රික් මට්ටමින්. ගුරුවරුන්, දෙමව්පියන්, සිසුන් ආදි ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ ආගමික සංවිධානවල අදහස්, යෝජනා මේ සඳහා වැදගත් වෙනවා.  ඒ සියල්ලක් ගැඹුරින් අධ්‍යයනය කරමින්,  ඒ පිළිබඳ ඉදිරි තීරණ ගන්නවා…” යැයි ද පැවසීය.

මෙහි දී පැමිණ සිටි විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ දී සිදුවිය යුතුයැයි අදහස් කරන වෙනස්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. එමෙන් ම රැකියා අවස්ථා සම්බන්ධ ප්‍රමුඛතා පිළිබිඹු වන අන්දමින් විෂය නිර්දේශ ප්‍රතිසංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ සිය අදහස් දක්වන මෙන් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට ආරාධනය කළේය. උසස් පෙළ පන්ති  සඳහා විෂයයන් ගණනාවකට ම පෙළ පොත් නොමැතිවීම හේතුවෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය ද ඒ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පිළියම් සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන්විය.

වෘත්තීය තෝරාගැනීම් පිළිබඳ දැක්මක් සහිත ව පාසල් තුළ උපදේශන සේවාවන් වඩාත් ඵලදායී ආකාරයෙන් සිදුකළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය. තව ද දිවයින පුරා පිහිටා ඇති පාසල්වල ඉගැන්වීම් සම්බන්ධ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ පාසල්වලින් ලබාගත හැකි දායකත්වය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් සිය සහයෝගය දක්වන ලෙස අමාත්‍යවරයා විසින් පැමිණ සිටි විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින ලදී.

මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ද, කොළඹ ආනන්ද විද්‍යාලය, දේවි බාලිකා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඩී එස් සේනානායක විද්‍යාලය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, ලුම්බිනි විද්‍යාලය, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය, පානදුර සුමංගල පිරිමි විද්‍යාලය, නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය, මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, බටේමුල්ල ජාතික පාසල, කෑගලු බාලිකා විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විද්‍යාලය, ඉබ්බාගමුව ජාතික පාසල, මාතර සුජාතා බාලිකා විද්‍යාලය, හංවැල්ල රාජසිංහ විද්‍යාලය, හොරණ තක්ෂිලා විද්‍යාලය සහ  කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිවරුන් ද සහභාගී වූහ.  

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP