logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • Uncategorized @si
  • පාසල් දරුවන් පැහැරගෙන ඇවිත් කරේ සයිනයිට් කරල් එල්ලපු අය, අද ඒ රටවල්වල වැජඹෙනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්
සඳුදා, 01 මාර්තු 2021 / Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් දරුවන් පැහැරගෙන ඇවිත් කරේ සයිනයිට් කරල් එල්ලපු අය, අද ඒ රටවල්වල වැජඹෙනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

ශ්‍රී ලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන සාකච්ඡාව දිගට ම කෙරීගෙන යනවා. අදත් ඒ විවාදයට සම්බන්ධවෙමින් රටවල් කීපයක් අදහස් ප්‍රකාශ කිරීමට නියමිතව සිටිනවා. මානව හිමිකම් කොමසාරිස්තුමිය අපේ රට සම්බන්ධයෙන් ඉදිරිපත්කළ වාර්තාව අපි මුල ඉඳන් ම කිවුවා පක්ෂග්‍රාහී කියලා. යුක්තිසහගත ආකාරයෙන් ඉදිරිපත් කළ එකක් නොවෙයි එය. එතුමියගේ වාර්තාවේ තිබෙන අඩුපාඩු එතුමියගේ කාර්යාලයෙන් පවා පිළි අරගෙන යම් යම් සංශෝධන කිරීම සුදුසුයි කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් ඒවා කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වාර්තාවේ පදනම සම්පූර්ණයෙන් ම වැරදියි. අපේ රටට යුක්තිය ඉෂ්ට වෙන විදියට සකස් කරන ලද වාර්තාවක් නෙමෙයි. මේක ගැන අවසාන ඡන්දය ඉදිරි සති දෙක තුන තුල තිබේවි. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/01වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

ජිනීවාහි පසුගිය සතිය තුළ ලංකාව ගැන පැවතුනු විවාදයට පදනම් වුනේ මහකොමසාරිස් තුමියගේ වාර්තාවයි. දැන් ඒ වාර්තාව දෙස බලනකොට ඒක කිසිසේත් යුද්ධ කාලේ දේවල් සමඟ සම්බන්ධයක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර දේවල් ගැන තමයි මේකෙ අවධානය යොමු කරල තියෙන්නේ. 2019 නොවැම්බර් මාසයේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ නව රජය කරපු ‍පත්වීම් ආදී දේවල් මානව හිමිකම් විෂය පථ‍යට සම්පූර්ණයෙන් ම පරිබාහිර දේවල් ඒකෙ අන්තර්ගත වෙන්නේ. මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව ම අත පෙවීමක්. විදේශීය දේශපාලන පක්ෂවල පැවැත්ම ආදිය ගැන මේවායේ තියෙනවා. ඒවා කිසිසේත් ම අදාළ නැහැ. අපේ රට දේශපාලන පා පන්දුවක් හැටියට භාවිත කරමින් තමයි මේ වැඩපිළිවෙළ සකස් කරල තියෙන්නේ. යුධ අපරාධ ගැන කතා කරනවා පැහැදිලිව යුධ අපරාධ කරපු අය.

යුධ අපරාධ කරපු අය පැහැදිලිව කොහේද ඉන්නේ අද? ඒ අය ජීවත්වන්නේ අපේ රටේ නෙමෙයි. බලහත්කාරයෙන් ළමයි පාසල්වලින් අරගෙන ඇවිත් යුද්ධයට සම්බන්ධ කරලා ඒ  ළමයින්ගේ කරේ සයිනයිට් කරල් එල්ලපු අය අද කොහේ ද ජීවත්වන්නේ? ඒ අය මහත් ආඩම්බරයෙන් පොත්පත් ලිවුවා. පින්තූර දැම්මා. වෙන මොකද්ද අවශ්‍ය සාක්ෂි ජාත්‍යන්තර නීතිය යටතේ බරපතල යුධ අපරාධ කරපු බවට ඒ අය? ඒවා කරපු අය ඒ රටවලට වෙලා ජීවත් වෙනවා. ඒ අය ගැන කිසිම පියවරක් ගෙන නැහැ. ඒ ක්‍රියා ඒ රටවලටත් සම්පූර්ණයෙන් ම පටහැනියි. ඒ ඒ රටවල නීතිය යටතේ මේ යුධ අපරාධකරුවන්ට විරුද්ධව කිසිම පියවරක් අරන් නෑ. එසේ නිශ්ශබ්දව ඉන්න රටවල් තමයි අද අපිට විරුද්ධව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් අපේ රණවිරුවන් ලුහුබඳින්නේ. හරියට කැකිල්ලේ තීරණ වගේ. යුක්තිය, සාධාරණත්වය සහ මානව හිමිකම්වලට මේවා කිසිම සම්බන්ධයක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙලා විදේශීය අභිලාෂයන් ශක්තිමත් කරන එක මේ කරන්නේ.

ජිනීවාවල මේක කෙරීගෙන යනවිට එකම මිනුම් දණ්ඩක් මේ සම්බන්ධ ව තියෙනව ද? කිසිසේත් ම නැහැ. ඇමරිකා එක්සත් ජනපදය මේ ගැන නීති සම්පාදනය කරලා තියෙනවා. විදේශීය මෙහෙයුම් පනත සහ දේශප්‍රේමී පනත කියලා. ඉතාමත් වැදගත් අණ පණත් දෙකක් ඇමරිකා පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා. ඒ පණත්වල යම් යම් කරුණු ඉතා පැහැදිලිව සම්බන්ධ කරලා තියෙනවා ඇමරිකාවට විරුද්ධ යම් රටක් විමර්ශනය කරනවා නම් ඒ විමර්ශනවලට කිසිම ආකාරයකින් සහයෝගය දීම ඇමරිකානු රජයට, අධිකරණයට හා පුරවැසියන්ට මෙන් ම බලධාරීන්ට තහනම්. කිසිවෙක් ඇමරිකාවේ ත්‍රිවිධ හමුදාවලට විරුද්ධව කෙරෙන කිසිම විමර්ශනයකට සෘජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ වෙනවා නම් එය ඉතා ම බරපතල අපරාධයක් ලෙස ඇමරිකානු නීතිය සඳහන් කරනවා. දැඩි දඬුවම්වලට යටත් කරනවා. එදා ඇමරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල නියෝජනය කළ ‘ජෝන් බුල්ටන්’ ඉතා ප්‍රබල චරිතයක්. එතුමා කෙලින් ම ප්‍රකාශ කළා ජාත්‍යන්තර අපරාධ අධිකරණය කිසි ම නිලධාරියෙක් ඇමරිකානු කිසිම නිලධාරියකුට විරුද්ධව විමර්ශනය කරන්නට එරටට ඇතුලුවෙනවා නම් ඒ පුද්ගලයන් කෙලින් ම සිරභාරයට ගන්නවා කියලා. ඒ විදියට ම මහා බ්‍රිතාන්‍ය ත් නීති පනවලා තියෙනවා බ්‍රිතාන්‍ය තුළ කිසි ම විමර්ශනයක් රැජිනට හෝ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව කරන්නට හදනවා නම් එය නීති විරෝධීයි කියලා. ඒ අයට එරෙහිව නීතිමය පියවර ගන්නට අවශ්‍ය නීති රීති හදලා තියෙන්නේ. ඒ රටවල් බොහොම ශක්තිමත් පියවර අරන් තිබෙනවා ඒ සම්බන්ධව. යනුවෙන් ද පැවසී ය.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද දිවයින පුරා මද්‍යස්ථාන 4513ක සිසුන් 6 22 000ක පමණ ප්‍රමාණක් වෙනුවෙන් ආරම්භ වුණා. එය ක්‍රමානුකූල ව සැලසුම්වලට අනුකූලව කෙරීගෙන යනවා. කෝවිඩ් ආසාදිත දරුවන් 38ක් පෙනී සිට තිබෙනවා විභාගයට. රෝගී තත්ත්වයට පත්වන දරුවන් සඳහා විශේෂ වැඩපිළාවෙලක් හදලා තිබුණා. විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් දිවයින පුරා ස්ථාපිත කරල තිබෙනවා.

විභාග පවත්වන්න උත්සාහ කරපු හැම වෙලාවෙ ම අසුබවාදී විදියට බලපු අය හිටියා. ඒ අයට මේ සියල්ල අසුබවාදී දේවල්. නමුත් දෙමාපියන්, දරුවන් අපෙන් ඉල්ලා සිටියේ විභාග පවත්වන්නට. දරුවන්ට පාසල් ආරම්භ කරන්නට. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසට. ජනතාවගේ ලොකු ප්‍රසාදයක් අපේ රජයට මේ නිසා තිබෙනවා. උසස් පෙළ දරුවන් 3 62000කට උසස් පෙළ සාර්ථක ව අපි නිමා කළා. මේ සියල්ලට විරුද්ධව කතා කරපු අය සිටියා. නමුත් ජනතාව සහ දෙමාපියන් අපි සමඟ සිටියා. උසස් පෙළ වාගේ ම සාමාන්‍ය පෙළත් සාර්ථක කරගන්නට අපිට පුලුවන්.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP