logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් ආරම්භ කෙරේ. අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ ‘විෂන් එෆ්.එම්.’ නාලිකාව ද ලබන සතියේ ඇරඹේ. -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය.ජී.එල්. පීරිස්
සෙනසුරාදා, 14 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් ආරම්භ කෙරේ. අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ ‘විෂන් එෆ්.එම්.’ නාලිකාව ද ලබන සතියේ ඇරඹේ. -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය.ජී.එල්. පීරිස්

අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක්  සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ද රූපවාහිනී නාලිකා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධ ව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ. මේ වනවිට ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට තිබේ. මේ සම්බන්ධ ව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව රැස්වීමෙන් අනතුරු ව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන එළඹෙන සතියේ සිට විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළා.

අධ්‍යාපන නාලිකා ආරම්භ කිරීම සදහා  අමාත්‍යංශය පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් නිහඬව සිදුකළ අතර ඒ  පිළිබඳ පැහැදිලිකර දීම සඳහා එළඹෙන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කර ගන්නා බව පැවසීය . අමාත්‍යංශය මඟින් මෙතෙක් සිදුකළ වැඩසටහන් සහ ඒවායෙහි ප්‍රගතිය පිළිබඳව  ඉදිරිපත් කිරීමේ හැකියාව එදිනට ලැබෙන බව පැවසීය. සියලු ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්‍ය නිර්‍දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු බවත්  පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම  අනිශ්චිත වන අතර පවතින තත්වය හමුවේ  හොඳ ම විකල්පය මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් වී තිබේ. අධ්‍යාපන නාලිකා විකාශනය කිරීම සම්බන්ධ සියලු තීන්දු තීරණ ඉතා ඉක්මනින් ලබා ගත යුතු බවත් දැනට විකාශනය කෙරෙන ගුරු ගෙදර ඊ තක්සලාව    ආදී වැසටහන්වලට අමතරව ය.

මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්‍රේණි සඳහා වෙන වෙන ම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්‍යාපනය ශක්තිමත් කිරීමට  කටයුතු සංවිධානය කරමින් පවතී. ආර්ථික අර්බූද, සෞඛ්‍ය අර්බූද මෙන් ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණ ද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්,      සීතා අරඹේපොළ, පියල් නිශාන්ත, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරීන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා , මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද එක් වූහ.

                                               

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP