logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා ආරම්භ කෙරේ. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්
බදාදා, 07 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා ආරම්භ කෙරේ. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ අනුව මෙරට පාසල්  10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඒ මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව පැවසූයේ 2021/07/07වන දින ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම නිසා මෙම කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරගැනීමට අවස්ථාව ලැබී ඇත. ඒ අනුව අද උදෑසන සියලු ම පළාත් ආණ්ඩුකාරවරු,  ප්‍රධාන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු  සහ සෞඛ්‍ය අංශ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මෙම තීරණයට එළඹෙන ලදී. ඒ අනුව විදුහල්පතිවරු සහාය කාර්යය මණ්ඩලයක් පත්කොට ඒ ඒ මධ්‍යස්ථානවලට යවා ගුරුවරුන් හඳුනා ගැනීම සිදුකරනු ලබන අතර සියලු ම ගුරුවරුන්ට ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා,  පාසල් හැකිතාක් ඉක්මනින් විවෘත කිරීමට හැකිවන පරිදි, ප්‍රථම පියවර වශයෙන් එන්නත්කරණය සිදු කෙරේ. එමෙන් ම දූ දරුවන් සඳහා පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීමට අපේක්ෂිත ය. මේ අයුරින් පාසල් දිගින් දිගට ම වසා තැබීම කළ නොහැකි අතර මෙම වැඩපිළිවෙළ ඉක්මනින් අවසන් කල හැකි බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ ය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ද සහභාගී විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP