logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන් ම අගෝස්තු මාසයේ දී අරඹනවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සඳුදා, 12 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන් ම අගෝස්තු මාසයේ දී අරඹනවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සෞඛ්‍ය අංශයන්හි කොන්දේසිවලට අනුකූල ව පියවරෙන් පියවර හැකිතාක් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව ත් එහි පළමු පියවර අගෝස්තු මාසයේ දී ආරම්භ කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2021/07/12වන දින ‘සියලු ම පාසල් ගුරුවරුන් එන්නත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන’ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ගුරුවරයා සමඟ පන්තිකාමරයේ දී ලබන අධ්‍යාපනයට සතුටුදායක විකල්පයක් ලෙස දුරස්ථ/මාර්ගගත අධ්‍යාපනය කිසිසේත් සැලකිය නොහැකි අතර එහි යම් යම් දෝෂ පවතී. එබැවින් ගුරුවරුන් සඳහා අද ආරම්භ කෙරෙන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණ වන්නේ හැකි ඉක්මනින් පාසල් පද්ධතිය විවෘත කිරීම යි. 
අද දින කොළඹ කලාපයේ ගුරුවරුන්ගෙන් අරඹන මෙම වැඩසටහන හෙට දිනය වනවිට සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සඳහා එන්නත්කරණය කර අවසන් කරන්නට හැකිවනු ඇත. මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව සිදු කෙරේ. රටේ සිටින සමස්ත ගුරුවරු ප්‍රමාණය වන 242,000ක් පමණ ඉලක්කය වන අතර මේ වනවිට ත් සැලකිය යුතු ප්‍රතිශතයක් ගුරුවරුන් එන්නත් ලබාගෙන ද තිබේ. ගුරුවරුන්ට කිසිදු අසීරුතාවක් නොවන්නට ත් ඔවුන්ගේ ගරුත්වය ආරක්ෂාවන පරිදි ත් මෙම එන්නත්කරණ වැඩසටහන සංවිධානය වී තිබේ.
දූ දරුවන්ට අවුරුද්දක් අධ්‍යාපනය නොලැබී යන්නේ නම් එය තම ජීවිතයේ කෙදිනකව ත් පියවා ගැනීමට ඔවුන්ට නොලැබෙන බව ත් එය ඔවුන්ගේ ජීවිතයේ සදාකාලික ගැටලුවක් බවට පත්වන බවත් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෘජු ව උනන්දු වූ ගරු ජනාධිපතිතුමාට ත්, සෞඛ්‍ය අංශ සහ යුධ හමුදාපතිතුමා ඇතුලු ත්‍රිවිධ හමුදාවට ත් ස්තූතිවන්ත වන බව ද අමාත්‍යවරයා පැවසී ය.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ, යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP