MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්
අඟහරුවාදා, 05 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්

·  හුදකලා කළ පෙදෙස්වල හැර බස්නාහිර පළාතේ පාසල්වල  11 ශ්‍රේණිය පමණක් ජනවාරි 25 සිට ඇරඹීමට පියවර

· අනෙකුත් සියලු පාසල් 2-13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 දා ඇරඹෙයි.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ.  හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.

පවතින කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන් සඳහා පාසල් විවෘත කිරීම ඉතා අභියෝගාත්මක කටයුත්තක් වන හෙයින්, සෞඛ්‍ය බලධාරීන්ගේ මඟපෙන්වීම් හා පූර්ණ අධීක්ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සම්පාදනය කර ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුකූල ව පාසල් ආරම්භ කිරීමට පෙර පාසලේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරලීමටත්, ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද විධිමත්ව පවත්වාගෙන යාමටත් විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසුන්, දෙමව්පියන්, පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සාමාජිකයන් ඇතුළු සියලු පාර්ශව පූර්ණ වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි.

ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ කිරීමට තීරණය වී ඇති පාසල්වල 6,7,8,9 10  දිනයන්හි දී පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සහ දෙමව්පියන්ගේ ද සහාය ලබාගනිමින් විදුහල්පතිවරුන් විසින් කටයුතු කරන ආකාරය ද පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධීක්ෂණය කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

පාසල් ආරම්භ කිරීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහය මේ සමඟ යොමු කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ද මෙම උපදෙස් බාගත කර ගැනීමට අවස්ථාව සලසා තිබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 526
  • 528
  • 582
  • 583
  • 643
  • Uncategorized @si
  • තරඟ
  • නැණ පියස
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව, සෞන්දර්ය විෂයයන් (විත්‍ර, සංගීත, නර්තනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීම – 2021

    අදාල උපදෙස් සහිත නිවේදනය හා අයදුම්පත පහළින් භාග...
  • දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

    “අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍...
  • ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය

    ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතන...
  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම.

    2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල...
  • මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

    ‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය...

Archives

  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP