logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් ආපන ශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්
බදාදා, 09 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් ආපන ශාලා සහ දිවා ආහාර වැඩසටහන පවත්වාගෙන යාමට උපදෙස්

කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලු ම පාසල් 1-13 ශ්‍රේණි දක්වා පසුගියදා (08) සිට විවෘත කෙරිණි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත් ව සියලු පාසල් පැවැත්වීමට හා  ඊට සමගාමී ව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දැනුවත් කිරීමට හා නියාමනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මේ වනවිටත් දැනුම් දී තිබේ.

ඒ අනුව, රෝග වැළැක්වීමේ සහ නිවාරණ ක්‍රම පිළිපදිමින් 2020-09-14 දින සිට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවසර ලබා දී ඇත. එමෙන්ම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම සහතික කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාමට  ද නිර්දේශ ලබා දී තිබේ. කෙටි විවේක කාලය තුළ පාසල් ආපන ශාලාවලට සිසුන් විශාල වශයෙන් පැමිණීම වැළැක්වීම සඳහා විදුහල්පතිවරුන්, හා ගුරුමණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගත යුතුය.

උදෑසන කාලයේ දී පන්තිවලින් ඇණවුම් ලබාගනිමින්, එම ඇණවුම් අනුව පන්ති මට්ටමින් ආහාර බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හෝ එවැනි වෙනත් වැඩපිළිවෙළක් මගින් සිසුන් එක්රොක්වීම වැළැක්වීමට හැකිනම් පමණක් විදුහල්පතිවරුන් විසින් තම විද්‍යාලයන්හි ආපනශාලා විවෘත කර 2020-09-14 දින සිට පවත්වාගෙන යායුතු බව  ද මෙහි දී වැඩිදුරටත්  අවධාරණය කර තිබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP