logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසලට එන මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්
බ්‍රහස්පතින්දා, 08 සැප්තැම්බර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසලට එන මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්

පාසලට එන මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්
 අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

මත්ද්‍රව්‍ය භාවිතයට සිසුන් ඇබ්බැහි වීම නැවැත්වීමට සහ පාසල් වලට එන මත්ද්‍රව්‍ය අල්ලන්න විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අනාගත තාක්ෂණ ලෝකයේ තිරසර සංවර්ධනයට උචිත පහසුකම්වලින් සමන්විත ව සැකසීමට උරදුන් ආදිසිසුන්, පාසල් සංවර්ධන සමිතිය, ගුරු දෙගුරුන් හා සිසුන් ඇගයීමට ලක් කිරීම හා අභිප්‍රේරණය වෙනුවෙන් පැවති උත්සවයක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. “විශේෂයෙන් ම නාගරික පරිසරයේ, ප්‍රධාන පාසල් ආශ්‍රිත ව පාසල් සංවර්ධන සමිති, දෙමාපියන්, ආදිශිෂ්‍යයන් සහ ශිෂ්‍ය නායකයන් එක කාලයක් උදේට පාසල්වලට එන දරුවන්ගේ බෑග් පරීක්ෂා කළා වගේ නැවතත් ඒ කාර්ය කරයි කියලා, මං බලාපොරොත්තු වෙනවා. දැං මේක වෙන්නෙ නැහැ. ඒ නිසා ටොෆී ලෙස හෝ වෙනත් ආකාරයකින් මත්ද්‍රව්‍ය ළමයින් වෙත එන්න පුළුවන්. මේ පිළිබඳ ව යම් යම් තැන්වල කතාබහ වෙනවා. ඒක නිසා චක්‍රලේඛනයක් මගින් ම ලබන සතිය වෙනකොට සියලු පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේ පරීක්ෂාකිරීම් සිදු කරන්න  බලාපොරොත්තු වෙනවා. ඉතා ම සූක්ෂම ලෙස මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කටයුතු සිදු වෙනවා. බොහෝ දෙනා මේ ගැන දන්නෙ නෑ. අන්තරායකාරී ඖෂධ පනතේ පැහැදිලි ව තියෙනවා, හෙරොයින් ග්‍රෑම් දෙකකට වැඩිය අහු වුණොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන බව. අලුතෙන් ම ඇවිත් තියෙන්නෙ අයිස්. අයිස් සඳහා සංශෝධනයක් ඇවිත් නැති නිසා ඒ ආදේශන කටයුතු සිදු කරගෙන යනවා. දැං එම යල් පැනගිය නීති සංශෝධනයට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරගෙන යනවා. මේ අලුතෙන් භාවිත වෙන මත්ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමට මේ නීති අනිවාර්යෙන් ම සංශෝධනය වෙන්න ඕනෙ. ඒක දැං ලහි ලහියේ සිදු කෙරෙනවා. පසුගිය කාලේ අපි මාධ්‍ය තුළින් දැක්කා, විශාල පරිමාණයේ හෙරොයින් කිලෝ ගණන් නාවික හමුදාව, පොලිසිය ඔක්කොම එකතු වෙලා මුහුදෙදිත් අල්ලලා තිබුණා. එහෙත් ඉතා ම සූක්ෂම ආකාරයට මේවා පාසල් දරුවන් අතරට ගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව අපත් වහා ම ක්‍රියාත්මක විය යුතුයි. දැනට ක්‍රියාත්මක කරගෙන යන කරුණු කාරණා ගණනාවකුත් තිබෙනවා. එහෙත් ඊට වඩා දැඩි ලෙස අප මීට අවතීර්ණ විය යුතුයි. මේක උතුරු කොළඹ පැත්තට, කොලොන්නාවට ගියොත් තත්වය මීට වඩා භයානක විය හැකියි.

එනිසා අප පාසල් දරුවන් ආරක්ෂා කරගත යුතුයි. මේ සඳහා ඉතා දැඩි අවධානයක් යොමු කර ලබන සතිය වන විට ම ‘සූම්’ තාක්ෂණික රැස්වීමක් කැඳවා මේ වන විටත් ක්‍රියාත්මක පියවර වන චක්‍රලේඛන නිකුත් කිරීම, ආහාර ඖෂධ ගැන දැනුම්වත් කිරීම, උපදේශන ගුරුවරුන් පත් කර තිබීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවලින් එහාට ගොස් පෙර ගැටුම්කාරී යුගයේ බෝම්බවලට බියෙන් සුපරීක්ෂාකාරී ව සිටි ලෙසින් දෙමාපියන්ගේ මෙන් ම පාසල් ප්‍රජාවගේත් දැනට වඩා දැඩි අවධානයක් මේ කෙරෙහි යොමු කෙරෙන ක්‍රියා මාර්ග ගන්නවා. මේ සම්බන්ධයෙන් මා ඉදිරියේ දී වඩාත් සාධනීය පියවර ගැනීමට අපේක්ෂා කරනවා.” යැයි පැවසීය.

මේ අවස්ථාවට ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගම, ඩී. එස්. සේනානායක විදුහලේ විදුහල්පති ප්‍රසන්න උඩුමුහන්දිරම් යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP