MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය වෙයි, අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය
බදාදා, 07 ඔක්තෝබර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය වෙයි, අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය

මෙරට සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වඩාත් සුරක්ෂිත කරමින් හා ප්‍රශස්ත ඉගෙනුම් ක්‍රියාවලියකට සිසුන් සහ ගුරුවරුන්ට සහභාගී විය හැකි අයුරින් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව  ඉහළ නැංවීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

2016 වසරේ දී පැවති එක් පන්තියක සිටිය යුතු සිසුන් 40 සහ 40 ඉක්මවූ  උපරිමය 2015-10-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, එවකට සිටි විෂයභාර අමාත්‍යවරයා යටතේ වූ අධ්‍යාපන අමාත්‍යාංශයීය ඉල්ලීම මත 2021 වසර සහ ඉන් ඉදිරියට 35ක් ලෙස අඩු කිරීමට 2016 වර්ෂයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි. එහෙත් සිසුන් සංඛ්‍යාව 35 සීමාවේ පවත්වා ගැනීම ප්‍රායෝගික වී නැත.

තව ද, අනිවාර්ය සහ වාර්ෂික ස්ථාන මාරු,  විදේශගතව සිට පැමිණි පදනම, පදිංචිය වෙනස්වීම, අධිකරණ සේවයේ නියුතු විනිශ්චයකාරවරුන්, රජයේ විශේෂඥ වෛද්‍යවරුන්, සහ වෛද්‍යවරුන්, පාසල්වල හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයෙහි නියුක්ත කාර්ය මණ්ඩල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් යන අත්‍යාවශ්‍ය වෘත්තික කණ්ඩායම්  සහ විවිධ පදනම් මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී තිස්පහේ (35) උපරිම සිසුන් සීමාව කළමනාකරණය කරගැනීම සමාජ ගැටළුවක් බවට පත් වී තිබේ. මේ නිසා සතිපතා මහජන දිනය තුළ පාසල්වලට සිසුන් ඇතුළත්කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව මේ වනවිටත් 3000කට අධික වී පවතී. 

මේ හේතුවෙන් 2021 වර්ෂයේ සිට ඉදිරියට පාසලක එක් පන්තියක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45 සීමාව දක්වා සංශෝධනය කිරීමට සහ ඊට අදාළ නීතිමය කටයුතු සිදුකිරීම සඳහා ගරු නීතිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළ වී තිබේ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින්, දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම අවම වශයෙන් පාසල් තුනක් ඇතුළත්වන පරිදි තෝරාගත් පාසල් 1000ක් සංවර්ධනය කර සිසුන් සඳහා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් සකස් කරන තෙක් වර්ෂ 2023 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම උපරිම සීමාව වැඩිකිරීමේ තීන්දුව ගෙන ඇත.

එමෙන්ම,  අනිවාර්ය/වාර්ෂික ස්ථාන මාරු පදනම, විදේශගතව පැමිණි පදනම, පදිංචිය වෙනස්වීම ඇතුළු හඳුනාගත් පදනම් කිහිපයක් මත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දීමට ද මෙම කැබිනට් තීන්දුව අනුව පියවර ගැනේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 526
  • 528
  • 582
  • 583
  • 643
  • Uncategorized @si
  • තරඟ
  • නැණ පියස
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව, සෞන්දර්ය විෂයයන් (විත්‍ර, සංගීත, නර්තනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීම – 2021

    අදාල උපදෙස් සහිත නිවේදනය හා අයදුම්පත පහළින් භාග...
  • දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

    “අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍...
  • ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය

    ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතන...
  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම.

    2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල...
  • මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

    ‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය...

Archives

  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP