MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා
බදාදා, 09 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.

ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා පූර්ව ළමාවිය ඇතුළු ප්‍රාථමික අධ්‍යාපන අදියරයන්හි සිදුකළ යුතු යැයි අපේක්ෂා කරන සියලු යෝජනා සහ නිර්දේශ ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට ද මෙහි දී යුනිසෙෆ් ආයතනය එකඟතාව පළ කළේය.

එමෙන් ම නුදුරේ දී ක්‍රියාවට නංවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ සහාය අපේක්ෂා කරන බවත්, සියලු සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පූර්ණ අවධානය යොමු කරමින් සියලු පාර්ශවයන්හි අදහස්වලට ඉඩ ලබාදෙමින් කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් සමඟ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාවේ ප්‍රධානීන් සමඟ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරමින් අදාළ සම්බන්ධීකරණ සහයෝගය අධ්‍යාපන පද්ධතිය වෙත ලබාදෙන මෙන් ද මෙහි දී අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

යුනිසෙෆ් ශ්‍රී ලංකා  ප්‍රධාන නියෝජිත Tim Sutton , අධ්‍යාපන ප්‍රධානී යෂින්කා ජයසිංහ, යුනිසෙෆ් නියෝජිත Takaho Fukami  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 526
  • 528
  • Uncategorized @si
  • තරඟ
  • නැණ පියස
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • බොහෝ රටවල් කොවිඩ් හමුවේ අධ්‍යාපන වියදම් කපා හරිද්දී ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයයි”.

                                                   ...
  • 2016 – 2018 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I ආ ශ්‍රේණියට බඳවා ගැනීම

    සාරිපුත්ත විද්‍යාපීඨය කඩඉම් ලකුණු...
  • පාසල් දරුවන් පැහැරගෙන ඇවිත් කරේ සයිනයිට් කරල් එල්ලපු අය, අද ඒ රටවල්වල වැජඹෙනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

    ශ්‍රී ලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ...
  • “ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අපේ අරමුණයි” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

    ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ග...
  • “දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

    එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු ස...

Archives

  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP