logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත් වෙනවා.”. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 08 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරු පළාතේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ප්‍රායෝගිකව මැදිහත් වෙනවා.”. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම යටතේ සුවිශේෂ කාර්යභාරයක් කළ යුතුව  පවතින බවත්, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ප්‍රායෝගිකව වඩාත් ක්ෂනිකව ඉටු කළ හැකි අවශ්‍යතා සොයාබලා ඒවා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (7)  පෙරවරුවේ නාගදීපයේ ශ්‍රී  නාගපූෂණී අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීම සඳහා එක්වෙමිනි. 

වසර හතලිස් අටක් පුරා නාගදීප විහාරස්ථානය භාරව සුවිශේෂ මෙහෙවරක යෙදෙන නායක ස්වාමින් වහන්සේ වෙත ගෞරවනීය කෘතවේදීත්වය පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා  උතුරේ ජනතාවගේ සෞඛ්‍යය, අධ්‍යාපනය, ආර්ථිකය වැඩි දියුණු කරමින් ජන ජීවිත යහපත් කරලීම වෙනුවෙන්  දේශපාලන භේදයකින් තොරව පොදු අරමුණකින් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

මෙම සංචාරය අතරතුර යාපනයේ  රදගුරුතුමන් සමඟ කළ සාකච්ඡාවක දී අනාවරණය වූයේ මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛ අවශ්‍යතා තුනක් පවතින බවත්,  එනම්, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නගා සිටුවීම ඔවුන්ගේ මූලික අපේක්ෂා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන බලධාරීන් හමුවීමට මෙම සංචාරයේදී අවස්ථාව හිමි වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතීන් අතර සන්නිවේදන දුරස්ථභාවය විසඳීමට පියවර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන බවද පැවසීය. ඒ සඳහා උතුරේ පාසල් සහ දකුණේ පාසල් අතර  සම්බන්ධීකරණය වඩාත් පුළුල් කිරීමට ද පියවර ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සංචාරයේදී අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නාගවිහාරය, නාගදීප විහාරය, නාගදීපයේ ශ්‍රී  නාගපූෂණී විද්‍යාලය,  නාගදීපයේ ශ්‍රී ගණේෂ කණිෂ්ඨ විද්‍යාලය, නෛතතිව් මහා විද්‍යාලය සහ නාගදීපයේ ශ්‍රී  නාගපූෂණී අම්මාන් කෝවිල  නිරීක්ෂණයට ද එක් වූ අතර, නාගදීප විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ද එක් වූහ.

අධ්‍යාපන  අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP