logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අපේ අරමුණයි” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්
සඳුදා, 01 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

“ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අපේ අරමුණයි” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ  ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය .
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන සූදානම් කර ඇති ආකාරය සම්බන්ධයෙන්  කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට  එක්වෙමිනි .
හෙට (1) සිට ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර   අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000)මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර,විභාග  මධ්‍යස්ථාන 4,513ක දින නවයක් පුරා විභාගය පැවැත්වේ .
සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරමින් විශේෂයෙන් ම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා පූර්ණ සහාය ලබා ගනිමින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් , අදාළ මධ්‍යස්ථාන නිරීක්ෂණවලදී සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ සියලු කටයුතු ඉතා හොඳින් සිදුවන බව  තහවුරු වන බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය .
පවතින කොවිඩ් වාතාවරණය තුළ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්  කිසියම් හදිසි තත්ත්වයක් මතුවුවහොත්, ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතළිහක් දීප ව්‍යාප්ත මට්ටමින් පිහිටුවා ඇති බව ද ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 500ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, විභාගය සාර්ථකව පැවැත්වීම සඳහා ගුරුවරුන් ,විදුහල්පතිවරුන්, අනිකුත් අධ්‍යාපන බලධාරීන්  මෙන්ම  ආරක්ෂක,සෞඛ්‍ය හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්ගෙන් ලබාදෙන නොමසුරු  සහයෝගයට ද  කෘතවේදීත්වය පළ කළේය .
මෙවර සාමාන්‍ය පෙළ  විභාගයේ ප්‍රතිඵල  එළඹෙන ජුනි මාසය වන විට නිකුත් කරන බවත්, ඔවුන් සඳහා උසස් පෙළ පන්ති ජුලි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, ප්‍රකාශ කළ අමාත්‍යවරයා , කවර හේතුවක් නිසාවත් දරුවන්ගේ ඉගෙනුම් කාලය නාස්ති වී යාමට කිසිසේත් ඉඩ නොතබන බවද අවධාරණය කළේය.
පසුගිය වසරේ පැවැත්වූ  උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන අප්‍රේල් මාසයේ දී  ලබාදීමට පියවර ගන්නා බවත්, ඒ අනුව, උසස් පෙළ සමතුන් වෙත සරසවි ප්‍රවේශය ලබා දීමට දැනට පවතින වසර එක හමාරක කාල පරතරය නිශ්චිත වශයෙන්ම අඩු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය. අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට අපේක්ෂිත උසස් පෙළ ප්‍රතිඵල අනුව සරසවි ප්‍රවේශය ලබන සිසුන් සැප්තැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට ද සියලු විධිවිධාන යොදන බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කුරුණෑගල  මලියදේව ආදර්ශ විද්‍යාලයේ  සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන හතරක් ක්‍රියාත්මක වන අතර එහි නිරීක්ෂණ කටයුතු අවසානයේ , අදාල මධ්‍යස්ථාන වල විභාග පරීක්ෂකවරුන් සමග සුහද සාකච්ඡාවකට ද එක්වූ අමාත්‍යවරයා,විභාග පැවැත්වීම සම්බන්ධයෙන්  ඔවුන්ගේ අදහස් සහ ගැටලු  සම්බන්ධයෙන් ද විමසා බැලීය.
මෙම අවස්ථාවට  , විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහත ඇතුළු අධ්‍යාපන බලධාරීන් රැසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP