logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පවත්නා ක්‍රමයේ වෙනස ආරම්භ කළ යුතු වන්නේ අධ්‍යාපනයෙනි
සඳුදා, 02 ජනවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පවත්නා ක්‍රමයේ වෙනස ආරම්භ කළ යුතු වන්නේ අධ්‍යාපනයෙනි

-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

වගකිව යුතු පරිපාලන ධුර හෙබවූ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ විශාල පිරිසක් වාර්තාගත ලෙස පසුගිය සිකුරාදා එක වර විශ්‍රාම යෑමෙන් අනතුරු ව ඒ පුරප්පාඩු පුරවමින් අද සඳුදා දින වැඩ භාර ගත් නව නිලධාරීන් සමග 2023 නව වර්ෂයට පිවිසෙද්දී පෙර වර්ෂයේ ඉතිරි වූ ගැටලු මෙන් ම දේශගුණික විපර්යාස වැනි නව අභියෝග ද ජයගනිමින් බහුතර ජනතා පැතුම වන පවත්නා ක්‍රමයෙහි වෙනස, විප්ලවීය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය ඔස්සේ සිදු කළ යුතු ව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නව වසරට සුබ පතමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවක පිරිස හමුවේ ප්‍රකාශ කළේ ය.
 
මේ වන විට ලෝකය ම පොදු දේශගුණික විපර්යාසයන්ට අහිතකර අන්දමින් නිරාවරණය වෙමින් සිටීමේ අභියෝගයට තීරණාත්මක ලෙස මුහුණ දීමට සිදු ව තිබෙන අතර වර්තමානයේ බොහෝ රටවල් මුහුණ දී සිටින අධික ශීත කාලගුණ තත්වය වෙනස් වී ඉදිරියේ දී එහි ප්‍රතිවිරුද්ධ දේශගුණ විපර්යාසයකට වුව මුහුණ පෑමට අපට සිදු විය හැකි බව පැවසූ අමාත්‍යවරයා අනිකුත් ගෝලීය ගැටලු හා අභියෝග මධ්‍යයේ වුව අධ්‍යාපන පරිවර්තනීය වෙනස සිදු කිරීමේ අත්‍යවශ්‍යභාවය පැහැදිලි කළේ ය. එම පරිවර්තනය, හුදෙක් පුද්ගල මාරුවකට පමණක් සීමා නොවී අපට දැරිය හැකි මට්ටමේ වෙනස්කම් සහිත පරිපාලන ව්‍යුහය තුළින් ම ඇරඹෙන ප්‍රායෝගික වූවක් විය යුතු බවත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදි විභාග පැවැත්වීම වැනි අනෙකුත් අධ්‍යාපන කාර්යන් අතරතුර ම එය සිදු කරමින් අඛණ්ඩ ව ඉදිරියට ගලා යා යුතු බවත් අමාත්‍යවරයා පැවසී ය.
 
නව රාජකාරි ලයිස්තු සමගින් කැපවීමෙන් රාජකාරි ආරම්භ කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දරුවන්ගේ පමණක් කාර්ය සාධනය මැනීම කිසි සේත් ප්‍රමාණවත් නොවන අතර නිලධාරීන්ගේ මෙන් ම දේශපාලනඥයන්ගේ පවා කාර්ය සාධනය මැන බැලීම රටක දියුණුවේ අනිවාර්ය සාධකයක් බවත් මෙහි දී අවධාරණය කළේ ය.
 
පන්ති කාමරයට යන ගුරුවරයාගේ ගුණාත්මකභාවය පිළිබඳ සිසුන් හා දෙමාපියන් තුළ විශ්වාසයක් ජනිත කරවීමට සමත් වීම හරහා සිසුන්ගේ පාසල් පැමිණීම ප්‍රවර්ධනය කිරීම තුළ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යොමු වීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.
 
2024 වර්ෂය ආරම්භ වන විට 2023 වර්ෂය දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි වන ලෙස සියලු දෙනා එක් ව කැපවීමෙන් පැවති ක්‍රමයට වඩා වෙනස් ව වැඩ කර අනාගත දරු පරපුරට එහි ප්‍රතිලාභ උරුම කර දිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP