logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අපට අවශ්‍ය ව ඇත්තේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක්
         පාර්ලිමේන්තුවේ සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 27,28 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බ්‍රහස්පතින්දා, 29 දෙසැම්බර් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අපට අවශ්‍ය ව ඇත්තේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමයක්
     පාර්ලිමේන්තුවේ සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 27,28 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙවර අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති, අධ්‍යාපන කළමනාකරණපති සහ අධ්‍යාපනවේදී වශයෙන් විද්‍යාර්ථීන් 2283 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,
“සාර්ථක මානව සම්පතක් බිහි කිරීමට නම් පාසල් පද්ධතිය තුළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සියලු දරුවන්ට අත්පත් කර දිය යුතු බව ද ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්වයන් කැපවිය යුතු බව පෙන්වා දුන්නේ ය.

එමෙන් ම ඉදිරියේ දී පාසල් වර්ගිකරණය ප්‍රාථමික, කනිෂ්ඨ ද්වතීයික, ජ්‍යෙෂ්ඨ ද්විතීයික යන අංශ 03ක් ලෙස සරල කරන බවත් මූල්‍ය පාසල් තුළ මූල්‍ය පරිපාලන කටයුතු සඳහා උපාධිධාරීන් 8000ක් ස්ථාපිත කරන බවත් එතුමා පැවසී ය. දැනට පවත්නා අධ්‍යාපන කලාප ගණන තවත් 20කින් වැඩි කරමින් දැනට පවත්නා අධ්‍යාපන කලාප 100ක් වන අතර එය 120ක් දක්වා වැඩි කරන බව ද ගුරුවරුන් සඳහා සේවස්ථ පුහුණු, ධාරිතා සංවර්ධන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය.

දැනට ලොව බොහෝ දියුණු රටවල සාර්ථක ව ක්‍රියාවට නංවා ඇති STEM Education  (විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු-ගණිත අධ්‍යාපනය) මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බවත් ගුරුවරුන් සඳහා පශ්චාද් උපාධි ලබාදෙන ආයතනයක්  ලෙස මීපේ අධ්‍යාපන කළමනාකරණ ආයතනය සංවර්ධනය කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
දැනට පවතින ආර්ථික සමාජයීය අභියෝගවලට මුහුණදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බව ද සමස්ත අධ්‍යාපන පද්ධතිය ම පරිවර්තනීය වෙනසකට ලක් කළ යුතු බව ද ඒ සඳහා සක්‍රිය දායකත්වයක් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

උපාධි ප්‍රදානෝත්සවයේ පළමු සැසියේ ප්‍රධාන දේශනය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්කුලරාජා මහතා විසින් පවත්වන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...
  • අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…

    අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි ක...
  • මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්...
  • පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට

    2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශි...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP