logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
  • නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි.
බදාදා, 29 ජූලි 2020 / Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

නිවාඩු ලබාදුන් රජයේ සියලු පාසල් අගෝස්තු 10 වැනි දා සිට යලි ඇරඹෙයි සතියේ දින පහ තුළම පාසල් කැඳවන්නේ 5,10,11,12,13 ශ්‍රේණි පමණයි.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතු‍වෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති නිර්දේශයන්ට  අනුකූල ව නැවත ආරම්භ කිරිම පියවර කිහිපයක් යටතේ සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, ජූලි මස 27 වැනි සඳුදා දින සිට 11,12 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කරන ලද අතර, 31 සිකුරාදා දින තෙක් එම ශ්‍රේණිවල සිසුන් පමණක් පාසල් වෙත කැඳවනු ලැබේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීම සහ මැතිවරණ රාජකාරී සඳහා බොහෝ ගුරුභවතුන් යොදාගැනීමත් හේතුවෙන් අගෝස්තු මස 04 වැනි අඟහරුවාදා දින සිට අගෝස්තු මස 07 වැනි දා තෙක් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ.

1 සිට 13 දක්වා වන සියලු ම ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කරනු ලැබේ. එහිදී සිසුන් පාසලට ගෙන්වා ගැනීම ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් තීරණය කිරීමට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලුම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් පවත්වාගෙන යාමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල්වල 1-5 පන්ති පැවැත්වෙන පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ පහත පරිදි පාසල් විවෘත කිරීමට පියවර ගැනේ.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ප්‍රාථමික පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශ

නියමිත දිනය කැඳවීමට නියමිත ශ්‍රේණි පාසල් කාලය
සඳුදා 1 හා 5 ශ්‍රේණි සාමාන්‍ය පරිදි වේ
අඟහරුවාදා 2 හා 5 ශ්‍රේණි
බදාදා 3 හා 5 ශ්‍රේණි
බ්‍රහස්පතින්දා 4 හා 5 ශ්‍රේණි
සිකුරාදා 4 හා 5 ශ්‍රේණි

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීයික පාසල්

නියමිත දිනය කැඳවීමට නියමිත ශ්‍රේණි පාසල් කාලය
සඳුදා 6,10,11,12 හා 13 ශ්‍රේණි 6,7,8 හා 9 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව. 7.0 සිට ප.ව. 1.30 

10,11,12 හා 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව. 7.30 සිට ප.ව. 3.30
අඟහරුවාදා 7,10,11,12 හා 13 ශ්‍රේණි
බදාදා 8,10,11,12 හා 13 ශ්‍රේණි
බ්‍රහස්පතින්දා 9,10,11,12 හා 13 ශ්‍රේණි
සිකුරාදා 9,10,11,12 හා 13 ශ්‍රේණි

තව ද, 2020-08-10 වැනි දින සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට අදාළ කටයුතුවලට අමතර ව, සුපරීක්ෂණ කාර්යය, පැවරුම් පරීක්ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්ෂණ කටයුතුවල වගකීම් ද පවරනු ලැබේ. ප.ව. 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලු ම ගුරුභවතුන්ගේ රාජකාරී වේලාව පෙ.ව. 7.30 සිට  ප.ව 1.30 දක්වා වේ.  

පවත්නා තත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙස ද, පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දි තිබේ. එමෙන් ම සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති උපදෙස් හා මගපෙන්වීම් නිසියාකාර ව පිළිපදිමින් නිරෝගී පාසල් පරිසරයක් පවත්වාගෙන යාම කෙරෙහි සමස්ත පාසල් ප්‍රජාවගේ අවධානය යොමු කරවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.​​​

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP