logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි. එනිසා කිසි දිනෙක පසුබසින්න එපා – ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
අඟහරුවාදා, 23 නොවැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි. එනිසා කිසි දිනෙක පසුබසින්න එපා – ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමස්ථ ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින්  විශිෂ්ට ප්‍රතිඵල ලද සිසු සිසුවියන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-11-22 දින බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදි සිදුකෙරිණ.

එම අවස්ථාව ඇමතු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
“මෙය සුවිශේෂි මෙන්ම සුන්දර අවස්ථාවක්. හොඳින් අධ්‍යාපනය ලබා විජයග්‍රහණය කළ එම සිසු දරුවන්ට දෙමව්පියන්ට විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට සුවිශේෂි වූ අවස්ථාවක්. අප රටේ ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඒ සැවොම ජයගන්නවා දැකීම අපේ ඒකායන අරමුණයි. ඒ අය අතරින් සමහර දරුවන් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ විශිෂ්ට ලෙස තම දස්කම් ප්‍රදර්ශණය කරනවා.
ඔබ අපට ආඩම්බරයක්. ඔබ මෙන් ම මේ රටේ සියලු දරුවන් අපිට ආඩම්බරයක්. අපේ රටේ අනාගතය තියෙන්නේ ඔබේ අතේ. නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි. ඒ නිසා කිසිදිනෙක පසුබසින්නට එපා. දැනුම නැමති වැදගත්ම වස්තුව අධ්‍යාපනයයි. අධ්‍යාපන කාර්යය තුළ  හරියාකාර කළමනාකරණය කරන දක්ෂයා ඔබයි. එය ලබාදෙන ආයතනය පාසලයි. ඔබේ දක්ෂතාවය හැකියාව හා කැපවීම මත ඔබ එය පරිහරණය කරන්නේ කෙසේද යන කාරණාව මත සුවිශේෂ මහා අනාගතයකට ගමන් කිරීමට ශක්තිය බවට පත්වෙනවා.
එම නිසා ඒ සියලු දක්ෂතා වෙනුවෙන් ඔබ ඇගයීමටත් ප්‍රණාමය පුදන්නටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මම ඔබව අගය කරනවා. ඔබ වැනි ලක්ෂ හතළිස් තුනක පාසල් යන දරුවන් වෙනුවෙන් අනාගතයේ තවත් අඛණ්ඩව ගමන් කරන මේ මහා ගංගාවක් වැනි ලංකාවේ වැඩිම මුදලක් අධ්‍යාපනයට වෙන් කරන ලද අයවැය ලේඛණය තමයි මේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව තෙක් ද බටහිර සිට නැගෙනහිර වෙරළ තෙක් ද පාසල් දහස් ගණනක් සිසුන් අතරින් ඔබ විශිෂ්ටයන්. ඒ විශිෂ්ටත්වයේ පණිවිඩය සියලු දරුවන්ට ඔබ හරහා ගෙන යන්න. රට ඔබෙන් බලාපොරොත්තු වන්නේ එයයි. සියලු දෙනා තමන් ලබා ගන්නා දැනුම ඥානය තමන්ගේ අත්දැකීම් සම්භාරය අපේ මාතෘ භූමියට අනාගත දියුණුව පිණිස දායාද කරන්න.
රටේ අසීරු අවස්ථාවක තමයි ඔබේ ප්‍රතිඵල නිකුත් වන්නේ. එය අධ්‍යාපන අමාත්‍යාංශය ලද ජයග්‍රහණයක්. මේ රටේ දුවා දරුවන්ගේ අනාගතය දැනුමින් පෝෂණය කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාතයාංශ මෙන්ම අප සියලු දෙනා කැප වී සිටිනවා“.

මෙහි දි විශිෂ්ට ප්‍රතිඵල ලබමින් විශිෂ්ටයින් අතරට එක් වූ පූර්ණ අන්ධභාවයට පත් සිසුන්   දෙදෙනෙකු සහ ආබාධිත සිසුවියක ද ඇගයීම් ලැබීය.
පාර්ලිමේන්තු අධ්‍යාපන උපදේශක කාරක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,  අනූප පැස්කුවල්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය  කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP