logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නිති ප්‍රතිසංස්කරණ තුළින් පමණක් සමාජයේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොහැකි යි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස්
සඳුදා, 02 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

නිති ප්‍රතිසංස්කරණ තුළින් පමණක් සමාජයේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොහැකි යි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස්

සාරධර්මවලින් පිරිපුන් සමාජයක් ගොඩ නැඟීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වර්තමාන රජය නව නීති-රීති සම්පාදනය කර තිබෙන නමුත් රටේ දැවෙන ප්‍රශ්න හුදෙක් නීති රීති සංශෝධන මඟින් පමණක් විසඳිය නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති “පිරිවෙන් වරුණ” ජාතික වැඩසටහනට අදාලව මූලික පිරිවෙන් අවසාන පරීක්ෂණයෙන් සහ ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් ඉහළ ම ලකුණු ලබාගත් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ 20නමකට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමිනි.

කුඩා ළමුන් මෙහෙකාර සේවයට යොදවා ගැනීම, අමානුෂික වද හිංසා පැමිණවීම, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි දේ දැන් දිනෙන් දින අනාවරණය කර ගනිමින් තිබේ. ඊට අමතර ව 2021 අංක 4 දරණ ආඥාපනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මතකොට ගෙන තිබේ. නමුත් නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණවලින් පමණක් ලක් රජයේ මේ දැවෙන ප්‍රශ්න කිසිසේත් විස‍ඳීම පහසු වන්නේ නැත. ඒ සඳහා ගෞරවනීය සංඝරත්නයේ සම්පූර්ණ මාර්ගෝපදේශකත්වය සහ කාර්යභාර්යය අතිශයින් ම වැදගත් සාධකයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ඒ සඳහා අවශ්‍ය සහයෝගය, සම්පත්, අවශ්‍ය වටපිටාව නිර්මාණයකර දීමට සැදී පැහැදී සිටී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ දී ද මෙවැනි ම වැඩසටහනක් අනුරාධපුර ශාන්ති විශාරයෙන් ආරම්භ කළ අයුරු මෙහිදී සිහිපත් කළ හැකි ය.

මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, පූජ්‍ය බලංගොඩ සෝභිත හිමි, පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක සහ සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු, රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP