logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “නව පාසල් වාරයට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි … දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීන්දුවට වගකීමෙන් සහය වන්න ..” අධ්‍යාපන ලේකම්
සඳුදා, 11 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“නව පාසල් වාරයට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි … දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීන්දුවට වගකීමෙන් සහය වන්න ..” අධ්‍යාපන ලේකම්

බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරය අද සිට  ආරම්භ කෙරිණි. නැගෙනහිර පතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්,  මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පළාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක්  සහ වයඹ පලාතේ පාසල් දෙකක් අද දින විවෘත නො කෙරුණු අතර, එම පළාත්වල අනෙකුත් සියලු පාසල්  ඒ අනුව අද  විවෘත කරන ලදී .

ගුරුවරුන්ගේ සහ සිසු දරුවන්ගේ පැමිණීම සම්බන්ධයෙන් පළාත් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව, ග්‍රාමීය ප්‍රදේශයන්හි පිහිටි පාසල්වල ගුරු- සිසු පැමිණීම ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව සෑම පළාතකම හදුනාගත හැකි සුවිශේෂ ලක්ෂණයකි. බස්නාහිර හැර අද දින පාසල් පැවැත්වූ පලාත් අටෙහි සිසුන්ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 51% ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීමෙහි සමස්ත ප්‍රතිශතය 88% කි. සිසුන්ගේ පැමිණීමෙහි ඉහළ ම ප්‍රතිශතයක්  පවතින්නේ ඌව පළාතේ වන අතර එය  71% කි . ගුරුවරුන්ගේ පැමිණීමෙහි ඉහළම ප්‍රතිශතය සියයට 95 ක් වන අතර,එය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.

covid නව සාමාන්‍ය තත්ත්වය  හමුවේ පවතින අභියෝගය  වගකීම් සහගත ව භාර ගනිමින්,  දරුවන් පාසලට කැඳවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගත් තීන්දුව සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අංග සම්පූර්ණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා දායක වන සෞඛ්‍ය,ප්‍රවාහන ,ආරක්ෂක අංශ ඇතුළු සියලු ක්ෂේත්‍රවල නිලධාරීන්ටත්, කාර්ය මණ්ඩලවලටත් අධ්‍යාපන ලේකම්වරයා තම කෘතවේදිත්වය පළ කර සිටී . එමෙන් ම , ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පාසල් මට්ටමින් විධිමත් ව ක්‍රියාවට නංවන්නට සහාය වන පළාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන නිලධාරීන්ට  සහ විදුහල්පතිවරුන්,ගුරුවරුන්,දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත ද විශේෂයෙන් ම, මේ පිළිබඳ නිරන්තර වාර්තාකරණයේ යෙදෙමින් ජනතාව දැනුවත් කරන සියලු මාධ්‍ය ආයතන වෙත ද අධ්‍යාපන ලේකම්වරයා ස්තූතිය පළ කළේ ය .

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම  සම්බන්ධව  ඉදිරියේ දී තීරණය කිරීමට සෙසු පළාත්වල තත්ත්වයන් සැලකිල්ලට ගන්නා බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අවස්ථාවට අධ්‍යාපන අතිරේක ලේකම් ඩී ධර්මසේන  මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එක් එක් පළාත් වල සිසු ගුරු පැමිණීම සම්බන්ධ සම්පූර්ණ  වාර්තාව මේ සමග යොමු කර ඇත .

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP