logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නව ප්‍රතිසංස්කරණ තුළින් මාස 08කට පෙර, පාසල් අධ්‍යාපනය අවසන්කර උසස් අධ්‍යාපනයට මෙරට දරුවන්ට අවස්ථාව ලබා දෙනවා-
සඳුදා, 10 මැයි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

නව ප්‍රතිසංස්කරණ තුළින් මාස 08කට පෙර, පාසල් අධ්‍යාපනය අවසන්කර උසස් අධ්‍යාපනයට මෙරට දරුවන්ට අවස්ථාව ලබා දෙනවා-

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව දරුවන් අධ්‍යාපනයෙන් බැහැ ව නිවසේ සිටින මාස 08ක කාලයත් උසස් පෙළින් අනතුරු ව නිවසෙන් බැහැරව සිටින කාලයත් අඩු කිරීම තුළින් සම්පූර්ණ මාස 08ක පමණ කාලයක් එම දරුවන්ගේ වටිනා ජීවිතයෙන් ඉතිරි කර දීමට හැකි පරිදි 2022/2023 වන විට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකිවන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ‍ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/05/10වන දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

නව රජය මඟින් සිදුකිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් පිළිබඳ සාකච්ඡාවට බඳුන්කොට තිබෙන අතර විභාගවලින් අනතුරුව පාසල් අධ්‍යාපනයෙන් බැහැරව නිවසට වී සිටින කාලය නිසා ඇතැමෙක් අධ්‍යාපන කටයුතු අතරමඟ දී නතරකිරීමට පෙළඹෙන බවත් එම තත්ත්වය වළක්වා ගැනීමට ත් ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉක්මනින් උසස් අධ්‍යාපන අවස්ථාවන්ට පිවිසීමට අවස්ථාව උදාකර දීමට ත් එමඟින් අපේක්ෂා කරන බව ද පැවසී ය. ලොව වෙනත් රටවල දරුවන් අවුරුදු 20,21වන විට සිය ප්‍රථම උපාධිය ලබාගන්නා බව ත් ලංකාවේ දරුවන්ට ද එම අවස්ථාව උදාකර දීම තම අපෙක්ෂාව බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මේ සඳහා පිළියමක් ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින වකවානු වෙනස් කිරීමට කටයුතු කිරීමට ත් 10 සහ 11 ශ්‍රේණි සඳහා මෙතෙක් පැවති අවුරුදු 02ක අධ්‍යයන කාලසීමාව වසර 1 1 /2කින් ක්‍රියාත්මක කොට අවසන් කිරීමට හැකිවන පරිදි විෂයමාලා සකස් කිරීමට සැලසුම් සකසන බව ද අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව මෙතෙක් දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ දී පැවැත්වීමට ත් එහි ප්‍රතිඵල නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවල ලබාදීමට ත් උසස් පෙළ පාසල් ප්‍රවේශය ඊළඟ වසරේ ජනවාරි මාසයේ දී ලබාදීමට ත් සැලසුම් සකසන බව සඳහන් කළේ ය. අධ්‍යයන වාර 06ක උසස් පෙළ පන්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු ව උසස් පළෙ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට  සැලසුම් සකසමින් පවතින අතර උසස් අධ්‍යාපනය සඳහා සිසුන් යොමුකරන කාලය ද මාස 08කට පෙර අවසන්කර එම දරුවන්ට දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමට අවස්ථාව ලබාදීමට කටයුතු සැලසුම් ‍කරන බව ත් එය 2022 හෝ 2023 වනවිට අවසන්කොට එහි ප්‍රතිලාභ සිසු දරුවන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසී ය.

මේ වනවිට රටතුළ ඇති වී තිබෙන කොවිඩ් 19 ගැටලුව සම්බන්ධ ව එන්නත්කරණය සිදු කිරීමට තිබෙන ප්‍රශ්නය වී ඇත්තේ ලොව විශාලත ම එන්නත් නිශ්පාදනය කරන රසායනාගාරයක් වන ඉන්දියාවේ පූනේ පිහිටි ‘සීරම්’ ආයතනයට එරට කොවිඩ් බලපෑම හමුවේ බලාපොරොත්තු වූ පරිදි එන්නත් නිෂ්පාදනය කිරීමට නොහැකි ව පැවතීම බව ත් එනිසා එන්නත් ලබාදීම ප්‍රමාද වන බවත් පැවසී ය. මේ වනවිට රටේ එන්නත් වර්ග 03ක් භාවිත වන අතර එම එන්නත් ලබාදීම වැදගත් නමුත් ග්‍රාමසේවා වසම්, පොලිස් බල ප්‍රදේශ අවශ්‍ය පරිදි වසා තිබෙන බවත් දවස් කිහිපයකට පසුව තත්ත්වය හොඳ අතට හැරෙන විට විවෘත කිරීමත් සිදුකර තිබෙන බැව් පැවසූ අමාත්‍යවරයා, ඊට වෙනස් ක්‍රියාමාර්ගයන් ගැනීමට වුව ද රජය සූදානම් බැව් අවධාරණය කළේ ය. ඒ අනුව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි සංචරණ සීමා පැනවීමට වුව ද රජය සූදානම් බැව් වැඩිදුරටත් සඳහන් කළේ ය. රජය කිසිදු ක්‍රියාමාර්ගයක් සහමුලින් ම ප්‍රතික්ෂේප කර නොමැති බව ත් කොවිඩ් 19 පාලනයට අවශ්‍ය සියලු ම පියවර පිළිබඳ සිතාබලා අදාළ ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට රජය සූදානම් බව ද අවධාරණය කළේ ය. මෙම තීරණ ගැනීමේ දී රටේ ආදායම, දෛනික ආදායම් උපයන ජනතාව, ජනතාවගේ ජීවනෝපාය මාර්ග ආදී සියලු ම සාධක සැලකිල්ලට භාජනයකොට අවස්ථාවෝචිත ව තීන්දු තීරණ ගැනීමට රජය සූදානම් බව ත් රජය හැමවිට ම වඩාත් ප්‍රායෝගික සහ නම්‍යශීලී ආකල්පයකින් මේ පිළිබඳ සිතන බව ද අවධාරණය කළේ ය.

එමෙන් ම මේ වනවිට පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක කෙරෙන මාර්ගගත අධ්‍යාපනය (Online Education) කිසිසේත් පන්තිකාමර අධ්‍යාපනයට විකල්පයක් නොවන බව ත් සමස්ත ලෝකය ම මුහුණ දී තිබෙන කොවිඩ් 19 අර්බූදය හමුවේ මෙය ඉතා ප්‍රායෝගික වැඩපිළවෙළක් බව ද සඳහන් කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP