logo
MOE
  • Ministry
  • Students
  • Academics
  • About Us
  • Divisions
  • Circulars
  • Contact Us

MOE

  • Ministry
    • Circulars
    • Ministry Structure
      • About Us
        • Minister of Education
        • Secretary to the Education
        • State Secretary to the Education
      • Ministry Officials
      • Branch News
        • Co-Curricular Activities Branch
        • Data Management Branch
        • Education For All Branch
        • Human Resource Development Branch
        • Management & Quality Branch
        • Non Formal Education Branch
        • Research & development Branch
        • School Works Branch
        • Teacher Education Administration Branch
    • Static Reports
    • Procurement Notices
    • Special Projects
      • Suraksha
      • “Nearest School is the Best School”
      • 13 Years Guaranteed Education
    • Divisions
      • Administration
      • Finance
      • Education Quality Development
      • Education Services Establishments
      • Establishment
      • Procurement & Construction
      • Planning & Performance Review
      • School Affairs
      • Audit
      • Education Reforms Division
  • Students
    • Guru Gedara
    • e-Thaksalawa
      • Aesthetic
      • Bilingual Education
      • English & Foreign Languages
      • Information & Communication Technology
      • Mathematics
      • National Languages and Humanities Education
      • Agriculture & Environment Education
      • Science
    • Competitions
    • Nenasa TV
    • Scholarships
  • Academics
    • Policy and Publications
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • Uncategorized
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික හැකියාවක් ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීමයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Thursday, 03 September 2020 / Published in Uncategorized

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික හැකියාවක් ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීමයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්

 කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,  විෂය මාලා සංශෝධනය ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකායේ නියෝජිතයින් සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරුන් අතර ඊයේ පස්වරුවේ (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

විෂයමාලා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් යෝජිත කැබිනට් පත්‍රිකාවේ ප්‍රමුඛ අවධානය යොමු කර ඇත්තේ ද විෂය අන්තර්ගතය සහ ඉගෙනුම් ක්‍රමවේද තුළ අධ්‍යාපනයේ වඩාත් ප්‍රායෝගික පිවිසුමක් ඇතිකිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තාක්ෂණ හා වෘත්තීය අධ්‍යාපනය සඳහා විවිධ මට්ටම්වලින් දරුවාට ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නූතනයට ගැළපෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකාය මැදිහත්වීමෙන් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග, යෝජිත සංවර්ධන උපාය මාර්ග සහ සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඉදිරි අධ්‍යාපන සැලසුම් සම්බන්ධයෙන් සහාය ලබාදීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශව තිහකට අධික ප්‍රමාණයක් ජනාධිපති කාර්යය සාධන බළකාය සමඟ එක්ව සිටින අතර, පෙර පාසල්, සාමාන්‍ය අධ්‍යාපනය උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය ආදී සියලු අංශයන් සම්බන්ධයෙන් වෙන්වෙන්ව සොයා බැලීම සඳහා කේන්ද්‍රීය කණ්ඩායම් පත්කිරීමට ද, එම ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග  හඳුන්වාදීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති කාර්ය සාධන බළකාය මැදිහත් වන ආකාරය ද මෙහිදී පෙන්වා දෙන ලදී.

වර්තමානයේ අපේ රටේ අධ්‍යාපනයේ පවත්නා බරපතලම ගැටලුව වන්නේ සිසුන් විසින් ලබා ගන්නා විෂය දැනුම සහ රැකියා අවස්ථා අතර පවත්නා පරතරය බව මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උසස් පෙළ සමත් වී දිගු කලක් බලා සිටින්නට සිදුවීම නිසා මෙතෙක් සිසුන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නූතන වෘත්තීය අවශ්‍යතා නිවැරැදිව හඳුනා ගනිමින් ඒ සඳහා ගැළපෙන විෂය දැනුම අධ්‍යාපනයේ විවිධ ස්ථර හරහා දරුවන්ට ලබා දිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනමින් අධ්‍යාපන පද්ධතිය තුළ සිදුවිය යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. ජනාධිපති කාර්ය සාධන බළකායට මෙහිලා ප්‍රබල වගකීමක් පැවරෙන බවත්, දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපනඥයින් විදුහල්පතිවරුන් ගුරුවරුන් දෙමව්පියන් ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතිය නියෝජනය කරන පාර්ශවකරුවන් වෙතින් ලබා ගන්නා අදහස්,යෝජනා මෙහිදී ඉතා වැදගත් වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට  නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ ජනාධිපති කාර්ය සාධන බළකාය නියෝජනය කරමින් අධ්‍යාපන ලේකම්,මහාචාර්ය කපිල පෙරේරා, ආචාර්ය අනුර දිසානායක, ආචාර්ය උපාලි සේදර, නව නිපැයුම් රාජ්‍ය ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් එස්.එච් හරිස්චන්ද්‍ර, උසස් අධ්‍යාපන අතිරේක ලේකම් දීපා ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • Branch News
    • Educational Publications Advisory Board
    • Human Resource Development Branch
    • Research & development
  • Competitions
  • Education
  • Human Resource Development
  • Nena Piyasa
    • Aesthetic Information
    • Bilingual Education
    • Educational Publications Advisory Board
    • ICT Branch
    • Mathematics Branch
    • Science Education
  • News
    • Academics News
    • Ministry News
    • Students News
  • Procurement Notices
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized
    • Research

Recent Notices & News

  • Search , La Trobe University

    Search , La Trobe University...
  • HBS for Learning Leaders Newsletter—May 2022

    While many companies are making some improvemen...
  • National Level ICT Championship Competition -2022

    Awareness Posters Circular & Guidelines ​​N...
  • Join the Virtual Exhibition on Products and Services to Support Creative Arts Economies – 10th May 2022 at 9.30 a.m.

    Register...
  • The teacher must address not only the mind of the children but to their heart also. – The Minister of Education Dr. Ramesh Pathirana

    The presentation of appointment letters to the ...

Archives

  • May 2022
  • April 2022
  • March 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • October 2021
  • September 2021
  • August 2021
  • July 2021
  • June 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • November 2020
  • October 2020
  • September 2020
  • August 2020
  • July 2020
  • June 2020
  • May 2020
  • March 2020
department-of-examinations-sri-lanka-logo
education-publication-department-sri-lanka
national-institute-of-education-sri-lanka
ministry-of-higher-education-sri-lanka

Ministry of Education
Isurupaya,
Battaramulla
10120 Sri Lanka.

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

Call 1929

National
Child Line

Call 1988

National
Operation

Office Mail

Sign in
for Staff

  • About Us
  • FAQs
  • Contact Us
  • Sitemap

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP