logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී වැඩ බාර ගනී…..
බ්‍රහස්පතින්දා, 19 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී වැඩ බාර ගනී…..

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග රැසක් මතුව ඇති අවස්ථාවක බොරළුගොඩ සිංහ පරපුරේ සාමාජිකයෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම පැවරීම ඵෙතිහාසික සිදුවීමක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් උපදේශක දොඩම්පහළ රාහුල හිමියෝ සඳහන් කළහ. අභිනවයෙන් අධ්‍යාපන අමාත්‍යධූරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රාජකාරි බාර ගැනීම වෙනුවෙන් ආශිර්වාද කරමින් රාහුල හිමියෝ මේ බව සඳහන් කළහ.

මේ අවස්ථාවට නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්, පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද නාහිමියන් ද වැඩම කර සිටියහ.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරු වන ජී.එල්. පීරිස්, බන්ධුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු සමඟ අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශය බාරව සිටින විජිත බේරුගොඩ, පියල් නිශාන්ත යන අමාත්‍යවරුන් ද අභිනව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතීම සඳහා එක්ව සිටියහ.

මෙහිදී අනුශාසනාවක් පැවැත්වූ දොඩම්පහළ රාහුල හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරු තිදෙනෙකු ඉදිරිපිට නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා රාජකාරි ආරම්භ කිරීම ද ඵෙතිහාසික සිදුවීමක් බවයි. “අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග රැසක් තිබෙනවා. මේ අභියෝග ජය ගත හැකියි. රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වැනි රටට ආදරය කළ බොරඵගොඩ සිංහ පරපුරේ සාමාජිකයකු වන දිනේෂ් ගුණවර්ධනයන්ට මේ අභියෝග ජය ගැනීම සහජ හැකියාවක් ඇතැයි තමන් විශ්වාස කරන බව ද රාහුල හිමියෝ සඳහන් කළහ. ආගමික වතාවත් වලින් පසුව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවූ අමාත්‍ය ගුණවර්ධනයන් සඳහන් කළේ මෙරට සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් ගේ අපේක්ෂාව දරු පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීම බැවින් තම අපේක්ෂාව ඉටු කර ගැනීමට සහයවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම බවය”.

 “දැනුම තමයි ක්ෂේත්‍රයේ උසස්ම සම්පත. සමාජයේ අනෙක් මොන සම්පත් තිබුණත් විනාශ වෙනවා. නමුත් දැනුම නැමැති සම්පත විනාශ නොවී දිනෙන් දින අලුත් වෙනවා. මේ නිසයි අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල ගෞරවයක් හිමි වන්නේ.

ඩොනමෝර් ආණ්ඩුකාරවරයාගේ කාලයේ අධ්‍යාපනයට බාධා එල්ල වුණා. ඒ සියලු බාධා ජය ගනිමින් සි.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා එදා නිදහස් අධ්‍යාපන පනත එක වැඩි ඡන්දයකින් සම්මත කර ගත්තා. එදා ඒ සම්මත කර ගත් පනත නිසා මේ වනවිට අලුත් අලුත් මාර්ග ඔස්සේ දැනුම බෙදා දෙන ක්‍රම බිහිවී  ඇති බව” ද අමාත්‍යවරයා කීවේය.

“අපේ දරුවන් බොහෝ දෙනෙක් අතරමඟ පාසල් හැර යනවා. ඒ අය සමාජයේ ශක්තිමත් පුරවැසියන් බවට පත් කරන්න පශ්චාත් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතුයි. ජපානයෙන් රූපවාහිනි යන්ත්‍රය අපට දුන්නේ දැනුම දියුණු කරන සම්පතක් කියලයි. නමුත් අපි මේ දක්වා රූපවාහිනි, ගුවන්විදුලි වැනි විද්‍යුත් සන්නිවේදන ක්‍රමවේද දැනුම දියුණු කිරීම සඳහා යොදා ගෙන ඇත්දැයි විමසා බැලිය යුතු බව ” ද ගුණවර්ධන මහතා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය වත්මන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේ ඉකුත් දෙවසරක කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග ජය ගන්න ඵලදායී ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කර ඇති බවය. විශේෂයෙන් අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහාය ජී.එල්. පීරිස් මහතාගේ ඇගයීමට ලක් විය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...
  • ඉදිරියේ දී උසස් පෙළ වාණිජ සිසුන් බැංකු වෙත ගොස් වාණිජ විෂය පිළිබඳ න්‍යායත්මක දැනුම ප්‍රායෝගික ව සහභාගීත්ව නිරීක්ෂණයට ලක් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරයි.

    – උසස්පෙළ පිළිතුරු පත්‍ර සමීක්ෂණය හා සාමා...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම – 2023

    නිලධාරින්ගේ ලේඛනයකැඳවීමේ ලිපියආකෘති පත්‍රය...
  • නිවේදනයයි -අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)

    01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බ...

Archives

  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP