logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙනවා.
බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

නවෝත්පාදන දිරි ගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කීරීමට උර දෙනවා.

– අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන බොහෝ දෙනා එය කරන්නේ කෙසේ දැයි නොදන්නා නමුත් එය සිදු කරන අයුරු තමන් දන්නා අතර මේ වන විට සිදු කරමින් සිටින්නේ ද එය බවත් ඒ අනුව නවෝත්පාදන දිරිගැන්වීම ඔස්සේ නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයට අයත් ආයතන තුළ ප්‍රධානීන් ලෙස පත් කර සිටින සියලු දෙනා විෂය ප්‍රවීණයන් බවත් මේ අය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට ප්‍රවේශ කරගැනීම හරහා එම ක්ෂේත්‍රයන්හි වේගවත් වර්ධනයක් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසන් සභාව විසින් දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන විද්‍යා හා තාක්ෂණ සමුළුව අමතමින් වොටර්ස් එජ්හි දී පැවති වැඩසටහනක දී ය. මෙම වැඩමුළුව සඳහා විදෙස්ගත හා මෙරට සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන්, පර්යේෂක විද්වතුන් ඇරයුම් ලබා සිටි අතර කාලෝචිත මාතෘකාවන්ට අදාළ ව ඔවුන්ගේ තේමාව වී තිබුණේ ‘දේශගුණ විපර්යාස විචලනය වන යුගයක තිරසර සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය’ යන්නයි. ඊට අදාළ ව ඔවුන් විසින් පවත්වනු ලබන සැසිවල වාර්තා විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි අදාළ ආයතනවලට දෙනු ලබයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශගුණ විපර්යාස කෙරෙහි මෙන් ම පිරිසිදු බලශක්ති ප්‍රභවයන් හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විද්වතුන්ගේ අවධානය මෙවර යොමු වී තිබීම අතිශයින් ම කාලෝචිත වන අතර සුළං, හිරු එළිය, ජලය වැනි පරිසර දූෂණයකින් තොර පිරිසිදු බලශක්ති ප්‍රභවයන් කෙරෙහි මෙන් ම ආහාර සුරක්ෂිතතාව කෙරෙහිත් සැලකිලිමත් වීම අප රටට ද ඉතා වැදගත් වන බවයි.

මෙහි දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ කාර්යභාරය ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා ඒ හා සමගාමී ව මෙරට විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පර්යේෂකයන්ට හා නව නිර්මාණකරුවන්ට වාර්ෂික ව මූල්‍ය  දිරිගැන්වීම් හා ඇගයීම් සිදු කරමින් ක්‍රියාකාරී දායකත්වයක් සපයන ජාතික පර්යේෂණ සභාව ද ප්‍රශංසාවට ලක් කළේ ය. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය වැනි ආයතන මගින් මෙරට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ලබා දෙන සහාය ද මෙහි දී අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP