logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරමින් අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්.
බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 / Published in පුවත්, ශිෂ්‍ය පුවත්

නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරමින් අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා

අධ්‍යාපනය කියන්නේ හැමදාම එකතැන තිබිය යුතු දෙයක් නොවෙයි. එහි හරය කාලානුරූපීව වෙනස් විය යුතු යි. සමාජයේ අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව නවීන තාක්ෂණය අධ්‍යාපනයට එකතු කරලා අපේ දරුවන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම රජයක වගකීමක්. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ විශාඛා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

දකුණු කොරියානු ජනරජයේ ග්වන්ග්ජු මොට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව GMOE (Gwangju Metropolitan Office of Education) සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය අතර 2005-10-24 දින අත්සන් කරනු ලැබු අවබෝධතා ගිවිසුමට අනුව මෙරටට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා තොරතුරු තාක්ෂණ ගුරු පුහුණු වැඩසටහන් හා පාසල් වෙත තොරතුරු තාක්ෂණ උපකරණ හා උපාංග, සුහුරු පන්ති කාමර උපකරණ ප්‍රදානය කිරීම වාර්ෂික ව සිදු කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ රජයේ ප්‍රමුඛ අරමුණ වූයේ දරුවන්ට අංග සම්පූර්ණ හා කාලෝචිත අධ්‍යාපනයක් ලබාදීම. පන්ති කාමරයට ගිහින් ගුරුවරයාට ඇහුම්කන් දීලා සටහන් ලියාගෙන ඒවා කටපාඩම් කරලා ලිවීම නොවෙයි අධ්‍යාපනය කියන්නේ. ජීවිතයේ අභියෝගවලට ප්‍රායෝගික ව මුහුණ දීමට පුහුණුවක් ලබා දීම තමයි අපේ අභිලාෂය.

‍අපේ රටේ අවුරුදු 15ක් 20ක් කාලයක් තුළ නිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුවෙලා නැහැ. ඒ නිසා ම සියලු දෙනාගෙන් ම අදහස් උදහස් ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඩිජිටල් වේදිකාව අපි මීට මාසයකට පමණ පෙර පටන් ගත්තා. අධ්‍යාපනයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳ තොරතුරු ලබා දෙන්නට ඔබ සියලු දෙනාට ම ආරාධනා කරනවා.

අපි දන්නවා සිංහල, දෙමළ, ඉංග්‍රිසී භාෂා පමණක් නොවෙයි චීන, ජපන්, කොරියන්, ප්‍රංශ වගේ භාෂාවල් හැදෑරීමට දැන් විශාල උනන්දුවක් සිසුන් තුළ පවතිනවා. ඒ නිසා අපට ඔබේ යෝජනා හැකි තරම් එවන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ රටේ ප්‍රධාන සමාගම්වල ඕනතරම් රැකී රක්ෂා තියෙනවා. ඒ අයට අවශ්‍ය විදියට සිදුවිය යුතු වෙනස්කම් සිදු කරන්නට ඔබේ දායකත්වය ලබා දෙන්න. අධ්‍යාපනයට නව අගයක් එකතු කරන්නට හැකි ලෙස මෙරට අධ්‍යාපනය සකසා ගන්නට ඔබේ සහයෝගය දෙන්න. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව‍ට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...
  • අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…

    අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි ක...
  • මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්...
  • පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට

    2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශි...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP