logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “නවක වදය විශ්ව විද්‍යාල පද්ධතියෙන් සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
බදාදා, 09 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“නවක වදය විශ්ව විද්‍යාල පද්ධතියෙන් සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

සිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වූ, වසර ගණනාවක් රෝගී තත්ත්වයට පත් කළ මේ අමානුෂික ක්‍රියාවලිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමේදී පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් ආචාර්යවරුන් පවා එක්තරා මට්ටමකින් නවක වදය පැවතීම අනුමත කරන මානසිකත්වයක පසුවීම බවත්, කිසිදු ආකාරයකින් එය එසේ නොවිය යුතු බවට ප්‍රබල ජනමතයක් විශ්වවිද්‍යාල අභ්‍යන්තරය තුළ ගොඩ නැගීමෙන් පමනක් මේ තත්ත්වය වෙනස් කළ හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සිසු දරුවන්ට බියෙන් සැකෙන් තොරව අවසන් කිරීමට හා ඉගෙනීමට හැකි පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

අමාත්‍යවරයා මේ බැව් පැවසුයේ පසුගිය දා නවකවදය සිද්ධියක් නිසා දැඩි ලෙස රෝගාතුර වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවකු වන පසිදු හිරුෂාන් පෙරේරා සිසුවාගේ ඉදිරි අධ්‍යාපනය වෙනුවෙන් ශීෂ්‍යත්වයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ දී සහභාගීවෙමිනි. මෙම ශිෂ්‍යත්වය සඳහා හේමාස් සමාගමේ අභාස් ඉසුෆාලි මහතා විසින් අනුග්‍රාහක දායකත්වය සපයා ඇත.

“අප රටේ අධ්‍යාපනයේ තිබෙන ප්‍රධාන ම ගැටලුව අපි දැන් පැහැදිලිව හඳුනගෙන තිබෙනවා. ඒ තමයි දරුවන් ලබන අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර තිබෙන නොගැලපීම. පාඩම් මූලික අධ්‍යාපනය තුළින් විෂය කරුණු දැනගැනීම ඉතා හොඳින් සිදු වුවත් දරුවන් තුළ ඇතිවිය යුතු මෘදු කුශලතා සංවර්ධනයක් මේ අධ්‍යාපන ක්‍රමය තුළින් නොලැබී යාම. මේ සඳහා නව රජයේ වැඩපිළිවෙළ 2021 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අප රජය බලාපොරොත්තු වෙනවා. මෙවර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට ම දරුවන් 10500ක් පමණ වැඩිපුර ඇතුළත් කර ගනු ලබනවා. මේවගේ දරුවන් විශ්වවිද්‍යාලවලට දෙමාපියන් එවන්නේ දහසකුත් බලාපොරොත්තු ද සමඟිනුයි. එවැනි වටපිටාවක දරුවන් නවකවදයට ලක්වීම කණගාටුදායක යි. රටේ අනාගතය වෙනුවෙන් මා ඉල්ලා සිටින්නේ විශ්වවිද්‍යාල තුළ සිටින ඇතැම් දරුවන්ගෙන් සහ ඇතැම් විශ්වවිද්‍යාල සේවක සේවිකාවන් මෙන් ම ආචාර්යවරුන්ගෙනුත් මේ මානසිකත්වය ඉවත් කරගනිමු. එසේ නොමැති වුවහොත් මේවගේ අනතුරු රැසකට අපට මුහුණ දෙන්නට වේවි.” යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මැතිතුමන්, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, පසිඳු හිරුෂාන් දරුවා සහ දෙමාපියන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...
  • අධ්‍යාපන අමාත්‍යාංශයට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්…

    අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගරු සුසිල්...
  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ.

    රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 202...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP