MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සිකුරාදා, 05 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

“අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි. ජාත්‍යන්තරයේ අතිශය පිළිගැනීමකට ලක් ව තිබෙන, විශේෂයෙන් ම ලොව ඉහළින් ම බටහිර වෛද්‍ය ක්‍රමය දියුණු ව පවතින රටවල ජනතාව අතරේ ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක් සහ කැමැත්තක්. සෞඛ්‍ය කියන්නේ රෝග තුරන් කිරීම පමණක් නොවෙයි. ඒක තමයි ආයුර්වේද දර්ශනයේ හරය. පරිපූර්ණ සෞඛ්‍ය කියන්නේ ශාරීරික මෙන් ම මානසික සුවය. අපි මේ දේශීය වෛද්‍ය විද්‍යාව දෙස හිස් මනසින් බැලිය යුතු යි. සාක්ෂි සහිත ව බැලිය යුතු යි. අභිමානයෙන් බැලිය යුතු යි. ඒ දෙස සෘනාත්මක ව නොබැලිය යුතු යි. ඒ නිසා අපේ රටේ 16වන විශ්වවිද්‍යාලය ජාතික මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද ඉතා ඉක්මනින් ඉහළට ගෙනයාමට හැකිවේවි ” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/04වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කොට නැවත ආරම්භ කිරීමේ උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

සුනාමි ව්‍යසනය වෙලාවේ අපේ රටේ හිටියා ජර්මන් චාන්සල්වරයා හෙල්මට් පෝල්. එතුමා අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයට බොහොම ගෞරවයක් තිබුණා. ඒ නිසා ම එතුමා විශාල මුදලක් ද පරිත්‍යාග කළා අපේ රටට. ඒවගේ ම ලොව බටහිර වෛද්‍ය ක්‍රමය ඉතා ම දියුණු රටක් වන සිංගප්පූරුවේ එවක විදේශ කටයුතු අමාත්‍ය, වර්තමානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කේ.ෂන්මුගම් මහතා ත් මට නිතර මුණ ගැසිලා තිබෙනවා වාද්දූවේ දේශීය වෛද්‍ය හෝටලයේ දී. එතුමා නිතර එහි පැමිණෙනවා ප්‍රතිකාර, මානසික ආතතිය නිදහස් කර ගැනීමට, භාවනා පුරුදු කිරීමට ආදී කටයුතුවලට. මේ අය දේශීය වෛද්‍ය ක්‍රමය ඉතා තදින් විශ්වාස කරනවා වගේ ම ඉතා ම ගෞරව කරනවා. අපි පුරවැසියන් විදියට අපේ රටේ තිබෙන දේට එතරම් ගරු කරනවා ද කියලා හිතන්න වටිනවා. අපේ වෛද්‍ය ක්‍රමයට ජාත්‍යන්තරය තුළ ඉතා විශාල පිළිගැනීමක් තිබෙන බව අප හොඳින් තේරුම් ගත යුතු යි. එහි ගුණාත්මක භාවය සාක්ෂි සහිත ව කරුණු කාරණා සහිත ව විග්‍රහ කරලා බලමු.

අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතියේ, දේශීය වෛද්‍ය ක්‍රමයේ ශක්තිය පිළිබඳ අභිමානයක් ඇත්නම් අපට පුළුවන් ලොවට මේ දායාදයේ ප්‍රතිලාභ ලබා දෙන්නට. මේ විශ්වවිද්‍යාලය අනාගත පරම්පරාවට දේශීය වෛද්‍ය විද්‍යාවේ සුපිරිසිදු දැනුම ලබා දෙන ආයතනයක් වේවි. අපට ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන් විශ්වවිද්‍යාලයක් බවට ඉත්මනින් ම පත් වේවි. අපි දන්නවා මේ කොවිඩ් තත්ත්වයේ දී පවා දේශිය වෛද්‍ය විද්‍යාවේ සහයෝගය ලැබුණා. අද රටේ‍ කොවිඩ් මරණ, ආසාදිත ප්‍රමාණයත් සමඟ ප්‍රතිශතයක් විදියට ගතහොත් 0.5%ක ප්‍රමාණයක්. එක්සත් රාජධානියේ එය 06 ගුණයක්. බ්‍රසීලයේ එය 05 ගුණයක්. රුසියාව සහ ඇමෙරිකාවේ එය 4 ගුණයක්. අපේ රටවල්වලට වඩා වෛද්‍ය විද්‍යාව ඉතා ඉහළින් ම දියුණු රටවල් ඒවා. අපි හැම දේ ම සෘනාත්මක ව නොබැලිය යුතු යි.

මේ වනවිට අපේ දරුවන් 622,000ක් දරු දැරියන් සාමාන්‍ය පෙළ විභාගයට ලියනවා. විභාග මධ්‍යස්ථාන 4,513ක පැවැත්වෙනවා. එය මාර්තු 10 අවසන් වෙනවා. ඉන් අනතුරුව රටේ ම පාසල් යිළි විවෘත වෙනවා. එසේ පාසල්වලට පැමිණෙන විට මොනවද අපි දෙන උපදෙස්. ඒ උපදෙස් සහමුලින් පදනම් වෙලා තියෙන්නේ ආයුර්වේද දර්ශනය. සමාජ දුරස්ථභාවයේ වැදගත්කම. අත් සේදීමේ වැදගත්කම. විෂබීජනාශක භාවිතයේ වටිනාකම. මේ සඳහා අපේ අමාත්‍යංශය පාසල්වලට යවලා තියෙනවා රු. 50,000,000 ක් වටිනා උපකරණ. ඒ සියල්ලක් ම උපරි ම මට්ටමින් අපි සිදු කරනවා. අපි එතැනින් නවතින්නේ නැහැ. ඒ පියවර අවශ්‍යයි. ඉන් ඔබ්බට ගොස් අපි ගතයුතු පියවර ත් තියෙනවා. අපි දරුවන්ට උපදෙස් දිය යුතුයි සමස්ත ජීවන ශෛලිය,පෝෂණය, සොබා දහමට ආසන්න ව තමන්ගේ ජීවිතය ගෙනයාමට. ඒවගේ ම පොඩි දරුවන්ටත් ආතතිය ඇතිවෙලා තිබෙනවා. ඒ ආතතිය දරා ගැනීම සඳහා ආයුර්වේද ක්‍රමය තුළ වටිනා අත්දැකීම් සම්භාරයක් අන්තර්ගත වෙලා තිබෙනවා.

සෞඛ්‍ය කියන්නේ රෝග තුරන් කිරීම පමණක් නොවෙයි. ආයුර්වේද දර්ශනයේ හරය එය යි. පරිපූර්ණ සෞඛ්‍ය කියන්නේ ශාරීරික හා මානසික සුවය යි. එය අපේ දරුවන්ට පැහැදිලි කළ යුතුයි. පාසල් දරුවන්ට එය පැහැදිලි කළ යුතු යි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 525
  • 528
  • 690
  • 691
  • 695
  • 697
  • Uncategorized @si
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ස...
  • 2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2021&n...
  • මහජන දිනය නොපැවැත්වීම සම්බන්ධව

    2021.04.12 සඳුදා දින අධ්‍යාපන අමාත්‍යාංශ මහජන ද...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2021

    දැනුවත් කිරීමේ පෝස්ටරය මෙතැනින් ගන්න/ ​උපදෙස් ස...
  • රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 2021. 04.07) සිට නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ‍යන පුවත සාවද්‍ය පුවතකි.

    රජයේ පාසල් හි පලමු පාසල් වාරය සඳහා හෙට දින ( 20...

Archives

  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP