logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දුරස්ථ-මාර්ගගත පහසුකම් නොමැති දරුවන් සඳහා අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට සිසු අයිතියට. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සඳුදා, 05 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දුරස්ථ-මාර්ගගත පහසුකම් නොමැති දරුවන් සඳහා අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට සිසු අයිතියට. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

කොවිඩ් වසංගත තත්ත්වය නිසා දුරස්ථ – මාර්ගගත ක්‍රම හරහා පාසල් දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දී මතු වී තිබෙන ප්‍රායෝගික ගැටලු සඳහා පිළියමක් වශයෙන් රටපුරා සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද දින සිට විවෘත කෙරෙන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/05වන දින මතුගම දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම ඕමත්ත ජනපද කනිෂ්ඨ විද්‍යාලයේ අද දින සිට ආරම්භ කෙරෙන සම්පත් මධ්‍යස්ථාන විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පවතින සෞඛ්‍ය තත්ත්වය මත දූ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දූරස්ථ-මාර්ගගත ක්‍රමය උපයෝගී කරගෙන තිබෙන නමුත් බොහෝ දුෂ්කර ප්‍රදේශවලට දුරකථන සංඥා, දුරකථන පහසුකම් නොමැතිවීම නිසා එම දූ දරුවන් මුහුණදෙන ගැටලුවට විසඳුමක් ලෙස ශ්‍රි ලංකා මොබිටෙල් ආයනය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ‘සම්පත් මධ්‍යස්ථාන’ 2,096ක් රට පුරා අද දින සිට විවෘත කෙරේ. මෙම මධ්‍යස්ථාන හඳුනාගනු ලැබුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, සාමාජිකයින්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්වතිවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. මේ සෑම මධ්‍යස්ථානයක ම පරිගණක, ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම් ඇතුළු දුරස්ථ-මාර්ගගත අධ්‍යාපනයට අදාළ සියලු ම පහසුකම්වලින් සමන්විත ය. විශේෂයෙන් ම දුෂ්කර ගම්මානවල ආර්ථික වශයෙන් දුෂ්කරතා පවතින, දුරකථන සංඥා සහ දුරකථන පහසුකම් පිළිබඳ ගැටලු පවතින දරුවන්ට ද අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීම සිදු විය යුතු ය. වගකිවයුතු රජයක් ලෙස එය අපේ ප්‍රමුඛ වගකීමක් ලෙස සැලකිය යුතු වේ.

මේ දුෂ්කර තත්ත්වය හමුවේ වුව ද අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මත 240,000ක් පමණ වූ දිවයිනේ සියලු ම ගුරුවරුන් සඳහා එන්නත්කරණය සිදු කිරීම සතියක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට ජනපතිතුමාගෙන් පසුගිය දා උපදෙස් ලැබුණි. මේ වනවිටත් සැලකියයුතු ගුරුවරුන් ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් ය. එය ගුරුවරුන්ට කෙරෙන ගෞරවයක් ලෙස ද සැලකිය හැකි ය. තම දරුවන් පාසල්වලට එවීමට එයින් දෙමාපියන්ට විශ්වාසයක් ගොඩනැ‍ඟෙනු ඇත. ඒ අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අතර එහි පළමු පියවර වශයෙන් ළමුන් 100ට අඩු දිවයිනේ පාසල් 2,996ක් පමණ සෞඛ්‍ය නිර්දේශ ලැබීමෙන් පසු ව විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.  ඒ අනුව අවසන් වශයෙන් සෞඛ්‍ය අංශවල නිසි නිර්දේශයන්ට අනුව පාසල් විවෘත කිරීමට හැකිවනු ඇත.

එබැවින් මෙම මධ්‍යස්ථානවලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන තම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට දරුවන් යොමුකරවන ලෙස ද අමාත්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...
  • අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…

    අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි ක...
  • මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්...
  • පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට

    2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශි...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP