MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
බදාදා, 17 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට විකල්පයක් නෙමෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පන්ති කාමරයක ඉගැන්වීමට කිසිසේත් විකල්පය නොවෙයි. නමුත් දුරස්ථ අධ්‍යාපනය නිසා ඇති වී තිබෙන ආකල්පමය වෙනස අපිට ඉතා ම වැදගත්. ඩිජිටල් පුස්තකාලය ද මේ සමඟ පැමිණීම අතිශයින් ම වැදගත් දෙයක් ලෙස තමා දකින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා‍ මේ බැව් පැවසූයේ 2021/02/17වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ දී පැවති ‘ඩිජිටල් පුස්තකාලය’ සහ එහි වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ජීවිතයේ ඕනෑම ‍ඛේදවාචකයක් සම්බන්ධයෙන් අපි උත්සාහ දැරිය යුතුයි ඒවායෙහි ධනාත්මක ප්‍රවණතා සොයා ගන්නට. නමුත් කොවිඩ් 19 කියන්නේ එහෙම ධනාත්මක කියලා දෙයක් හොයාගන්න ඉතා ම අපහසු සහ අසීරු අර්බූදයක්. අපි වක්‍රාකාර ව හෝ ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කිරීම ඵලදායී කියා මා තදින් ම විශ්වාස කරනවා. අපි කිසිසේත් බලාපොරොත්තු නොවුණු අවස්ථාවක, බලාපොරොත්තු නොවුණු ආකාරයට පැමිණි කොවිඩ් 19 අර්බුදය හමුවේ ‘දූරස්ථ අධ්‍යාපනය’ අපි භාවිත කරන්නට පටන් ගත්තා.  නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් අධ්‍යාපනය දරුවන්ට ලබා දීම අතිශයින් ම වැදගත් සහ ඵලදායී කියා අපි දන්නවා.

එසේ වුව ද මම අත්දැකීමෙන් දන්නවා පන්ති කාමරයක් තුළ ගුරවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධතාවයෙහි වටිනාකම. එම භෞතික සබඳතාව ඉතා ම වැදගත්. ඒ නිසා මේ දූරස්ථ අධ්‍යාපනය කිසිසේත් විකල්පයක් ලෙස අපි දකින‍්නේ නැහැ. නමුත් යම්කිසි අවස්ථාවක එවැනි භෞතික හමුවීමක් සිදුකළ නොහැකි අවස්ථාවක ඊට විකල්පයක් අනිවාර්යයෙන් ම තිබිය යුතු යි. දුරස්ථ අධ්‍යාපනය විවිධ අපහසුතා නිසා ලබා ගැනීමට සියලු දෙනාට එක ලෙස අවස්ථාවක් නොමැති බවත් අපි දන්නවා. නමුත් කොවිඩ් 19 නිසා දෙමාපියන්, ගුරුවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් දූරස්ථ අධ්‍යාපනය ගැන ඊට පෙර නොසිතනපු විදියට සිතන්නට පුරුදු කළා.

අපේ විශ්වවිද්‍යාලවල, දූරස්ථ අධ්‍යාපන ක්‍රමය මේ දිනවල මුල්තැනක් අරගෙන තිබෙනවා. එය තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා ලොකු ආකල්පමය වෙනසක් අපි අධ්‍යාපනය, අධ්‍යාපන ව්‍යුහය ගැන සිතීම් ක්‍රමය විශාල වෙනසකට භාජනය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ අධ්‍යයන කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම කරගෙන යනවා. නමුත් ඒක විකල්පයක් ලෙස කිසිසේත් මම දකින්නේ නැහැ. ඒක රුකුලක් පමණයි.

ආයතන කීපයක් එකතු වෙලා සිදුකරන මෙම ‘ඩිජිටල් පුස්තකාලය’ ත් අද මේ තත්ත්වය තුළ අපේ සමාජයට විශේෂයෙන් ම අවශ්‍ය යි. දැනුමට ප්‍රවේශය ලබා ගැනීමට පුස්තකාලයට භෞතික ව නොගිහින් අන්තර්ජාලය හරහා පුස්තකාලයට ප්‍රවේශ වීමට මේ මඟින් අවස්තාව ලබා දෙනවා. නමුත් එහිදී ත් කොයිතරම් ඊ පොත් තිබුණත් භෞතික ව පොත සමඟ ඇතිවන බද්ධතාව ඉතා වැදගත්. පිටු පෙරළලා පොත බලමින් එම පිටු ඇඟිලි තුඩු ගැවෙමින් පොත සමඟ සම්බන්ධවීම තරම් ඊ පොත සාර්ථක නැහැ. ඒකට විද්‍යාත්මක හේතු තිබෙනවා. මම කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපති සහ ‍උපකුලපති වශයෙන් කටයුතු කරද්දී ආසියානු සංගමය සමඟ පොත් ප්‍රවර්ධනය සඳහා කටයුතු කළා. දරුවන්ගේ කියවීම වර්ධනය කරන්නට අවස්ථාව ලබා දීමට. ඒ නිසා මේ පිළිබඳ මට අධ්‍යයනයක් තිබෙනවා.

හැදෙන වැඩෙන දරුවාගේ මනස තුළ දැනුම සඳහා පිපාසයක් ඇති විය යුතු යි. ඒක තමයි සාර්ථක අධ්‍යාපන ක්‍රමයක අඩිතාලම. කියවීමයි – ලිවීමයි අතරේ ‍අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබෙනවා. අපේ ළමයි පොත් පිංචවල් 42000ක් ලිවුවා. ඒවයින් පොත් 100ක් තෝරලා ඒවා මුද්‍රණය කරලා ළමයින්ට ත්‍යාග සහ සහතික දීලා ඒ අය දිරිමත් කරන්නට කටයුතු කරනවා. අපේ රජය මේ වැඩපිළිවෙළ දියත් කළේ ම දරුවන් තුළ පොත් කියැවීම සහ ලිවීමේ පුරුද්ද වර්ධනය කිරීමට. මේ සියල්ලක් ම ආණ්ඩුවට තනිව ම කරන්න ලෙහෙසි නැහැ. මේ සම්බන්ධව මෙම ආයතන 04 අද්විතීය සේවයක් කරලා තිබෙනවා. ඊට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානමෙන් සිටින බැව් සඳහන් කරන්නට කැමතියි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා ජාතික පුස්තකාලයේ සභාපති සොනාල ගුණවර්ධන, ආසියානු සංගමයේ මෙරට නි‍යෝජිතවරිය වන දිනේෂා ද සිල්වා, ජාතික පුස්තකාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. සුනිල්, ග්ලෝබල් ඇකඩමික් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ සම්පත් අබේවික්‍රම ඇතුළු පිරිසක් ද එක් වූහ

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 525
  • 528
  • 690
  • 691
  • 695
  • 697
  • Uncategorized @si
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • 2021.04.19 දින අමාත්‍යාංශයේ මහජන දිනය නොපවත්වන බව කාරුණිකව දන්වා සිටිමු.

    2021.04.19 දින  අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය...
  • අකුරට අරුත් සපිරුණු අලුත් අවුරුද්දකට සුබ පැතුම්!

    සිංහල  හින්දු අලුත් අවුරුද්ද  සියලු ශ්‍රී ලාංකි...
  • “එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් මේ අවුරුද්ද ජයග්‍රාහී වසරක් වනු නිසැකයි …” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

    එළඹුණු අලුත් අවුරුද්දේ රටක් වශයෙන් මුහුණ දිය යු...
  • 2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම -2019

    2015-2017 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ස...
  • 2021 අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට 30 දක්වා

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් 2021&n...

Archives

  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP