logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති පහසුකම්
බදාදා, 16 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති පහසුකම්

පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීමේ නිල වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) පැවැත්විණි.

ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, RightToRead ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු අසාද් ඔමාර්, අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

“ඉංග්‍රීසි භාෂාව හැදෑරීම හුදෙක් විදෙස් භාෂාවක් හැදෑරීමකට පමණක් සීමා නොවන බවත්, ජාතීන් අතර සහ සම්බන්ධතා පවත්වා ගැනීමටත්, ඔවුන්ගේ සිතුම් පැතුම් අදහස් උදහස් අවබෝධ කර ගැනීමටත් සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසි අත්‍යවශ්‍ය භාෂාවක් වන බවත්” මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.ඉංග්‍රීසි භාෂාව කඩුව ලෙස සැලකූ යුගයක් පැවති බවද, ඊට හේතු වූයේ ඉංග්‍රීසි භාෂා හැකියාව මත වරප්‍රසාද භුක්ති විඳින්නන් හමුවේ එසේ නොහැකි වූ පිරිස කැපී ගිය හෙයින් බව ද සඳහන් කළ අමාත්‍යවරයා, රටේ තරුණ පරපුර ලබාගන්නා අධ්‍යාපනයත් වෙළෙඳපොළ රැකියා අවස්ථාවනුත් අතර පවත්නා නොගැළපීමට ද ඉංග්‍රීසි භාෂා නොහැකියාව බොහෝ අවස්ථාවන්හිදී බලපාන සාධකයක් වී ඇති බව පෙන්වා දුන්නේය.

පාසල් දරුවන්ට වඩාත් ආකර්ෂණීය වන අන්දමින් ඉංග්‍රීසි භාෂා හැකියාවන් වර්ධනය කර ගැනීමට සුහුරු ඉංග්‍රීසි පන්ති වැඩපිළිවෙල ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇති බව ද මේ සඳහා දායකත්වය ලබා දුන් RighttoRead ආයතනයට කෘතවේදී ස්තුතිය පිරිනමන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා ඇතුළත් ReadToMe නම් අන්තර්ජාල යෙදවුමක් මගින් මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වේ.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර මෙම වැඩපිළිවෙල යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100 කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබාදීම සඳහා සම්බන්ධීකරණ දායකත්වය ලබාදුන් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතාට ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය. මීට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පාසල් 100 කට සුහුරු ඉංග්‍රීසි පන්ති ලබාදීම ද අද අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ වන විට දිවයින පුරා පාසල් 852 ක සිසුන් 500 000 කට අධික පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන ඇත. උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පලාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP