logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය මහා සංඝරත්නයේ පැසසුමට.
බදාදා, 31 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය මහා සංඝරත්නයේ පැසසුමට.

දරුවන්ගේ පාසල් ගමන නැවත ආරම්භ කිරීමේ අභියෝගාත්මක තීරණය ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත කෘතවේදීත්වය පළ කරන බව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අතිපූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා (27) අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් සහ  මිරිසවැටිය රජමහාවිහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී පඤ්ඤානන්ද හිමියෝ මේ අදහස් පළ කළහ.

මේ වනවිට මෙරට ආර්ථිකය තුළ පවත්නා තත්ත්වය හා ජිනීවා මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ද ස්වාමීන්වහන්සේලා මෙහි දී දීර්ඝ වශයෙන් අදහස්  දැක්වූහ.

රටක් වශයෙන් ඒකාත්මිත ව පෙනී සිටිය යුතු මෙවන් මොහොතක රට තුළ ම ජන විඥානය වෙනත් අන්තයන්ට යොමු කරමින් වෛරය, ක්‍රෝධය සමාජය තුළ වපුරන්නට ඇතැම් පටු දේශපාලන මතධාරීන් දරන උත්සාහය නින්දිත බව ද, රට නගාසිටුවීමට හැකි බවට විශ්වාසය තබා පත්කරගත් ජනාධිපතිවරයාට ඒ සඳහා ශක්තියක් ලබා දෙනු වෙනුවට එතුමන් විවේචනය කරන්නට ඇතැම් සංවිධානාත්මක පාර්ශවකරුවන් විසින් දරන උත්සාහය පිළිකුල්සහගත බව ද මෙහි දී ස්වාමීන්වහන්සේලා පෙන්වා දුන්හ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයෙහි ආරක්ෂක ලේකම්වරයා ව සිටියදීම කොළඹ හරිත නගරයක් බවට ප්‍රතිනිර්මාණය කළ වත්මන් ජනාධිපතිවරයා කැලෑ කපන්නන්ට සහාය වන බවට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම අයුක්තිසහගත බවත්, කැලෑ කපන බවට කෑ මොර දෙන කිසිවෙකුත් රට වෙනුවෙන් එක් ගසක් හෝ සිටුවන්නට වෑයම් කරන අය නොවන බවත් පෙන්වා දුන් අතිපූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක හිමියෝ ගම්නියම්ගම්වල සැරිසරමින් ගැමි ජනතාවගේ ගැටළු විසඳන්නට වෙහෙසෙන්නට සිදුව ඇත්තේ අදාළ නිලධාරීන් නිසියාකාරව ජනතා මෙහෙවරෙහි නිරත නොවීම නිසා බව ද සඳහන් කළහ.

ලංකාවට බුදුන් වැඩි බවට ඇති මතය, බුදුන් ඉපදුනු තැන, බුදුවූ තැන, පිරිනිවන් පෑ තැන ගැන පුරාවිද්‍යාත්මක ව තහවුරු වී තිබිය දී පවා වැරදි මත ඒ පිළිබඳ සමාජගත කරමින් ජාතීන් අතර අසමඟිය වපුරන්නටත්, තරුණ පරපුර අතර වැරදි මත සම්මත කරමින් ජන විඥානය ප්‍රබල ලෙස අවුල් කරන්නටත් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවෙමින් ඇති බව ද, මෙවැනි අසත්‍ය ප්‍රචාර හා වංචනික ක්‍රියාමාර්ග වැළැක්වීම වෙනුවෙන් රජය පූර්ණ අවධානය යොමු කළ යුතුව පවතින බව ද නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.

කොවිඩ් අභියෝගයට රටක් වශයෙන් ඉතා සාර්ථක ව මුහුණ දෙමින්, දරුවන්ගේ අධ්‍යාපනය අඩාල නොවන්නටත්, දීර්ඝ කාලයක් තිස්සේ නිවෙස්ගත ව සිටි දරුවන්ගේත් මවුපියන්ගේත් මානසිකත්වය යලි ක්‍රමිකව යථාතත්වයට පත්කරමින් පාසල් පැවැත්වීමට ගත් තීරණය කෘතවේදීත්වය පළ කරන බව ද  උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP