logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “දරුවන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් වෙත කැඳවීම වෙනුවෙන් සියලුම පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතුයි…” අධ්‍යාපන ලේකම්
බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“දරුවන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් වෙත කැඳවීම වෙනුවෙන් සියලුම පාර්ශව වගකීමෙන් කටයුතු කළ යුතුයි…” අධ්‍යාපන ලේකම්

නව පාසල් වාරය සදහා දරුවන් පාසලට සෞඛ්‍යාරක්ෂිත ව රැගෙන ඒම වෙනුවෙන් දෙමව්පියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු සියලු පාර්ශවකරුවන්  දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සෞඛ්‍ය බලධාරීන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ අදහස් පළ කළේය .

2021 නව පාසල් වාරය සඳහා පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වන්නේ, බස්නාහිර පළාතේ  සහ  හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල්  හැර අනෙකුත් සියලු පාසල් ජනවාරි එකොලොස් වන දා (11)  සිට 2-13 ශ්‍රේණි සඳහා විවෘත කිරීමටයි එමෙන්ම, සෞඛ්‍ය අංශයන්හි නිර්දේශ ලබා ගනිමින්  ජනවාරි මස 25 වන දින සිට හුදකලා  කළ ප්‍රදේශවල හැර, බස්නාහිර පළාතේ සෙසු පාසල්වල 11වන ශ්‍රේණිය ආරම්භ කිරීමට ද කටයුතු සැලසුම් කර තිබේ .

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයන්හි  පූර්ණ සහයෝගය ලබා ගනිමින්, සියලු පලාත් කලාප, කොට්ඨාස අධ්‍යාපන අංශ මෙන් ම, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් සහ සිසුන් මෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවල සහාය ද පාසල් සංවර්ධන සමිතිවල සහාය ද ලබා ගනිමින් ක්‍රියාත්මක විය යුතු ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය  විසින් මාධ්‍ය මඟින් මෙන් ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හරහා  ද දැනුවත් කර තිබේ.

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර  සෙසු පාසල් පසු ගිය වසරේ තුන්වන වාරය සඳහා විවෘත කළ අවස්ථාවේ දී ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ  98%ක ප්‍රතිශතයක් සේවයට වාර්තා කළ බව ද, සිසුන්ගේ පැමිණීම ක්‍රමිකව ඉහළ අගයක් ගත් බව ද අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන් අතර, නව පාසල් වාරය ආරම්භයේ දී සෞඛ්‍යාරක්ෂාව ගැන පූර්ණ විශ්වාසයෙන් යුතු ව  දරුවන් පාසල් එවීමට දෙමාපියන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසී ය.

කොවිඩ් වසංගතය හමුවේ දැනට පවතින නව සාමාන්‍ය තත්වය සැලකිල්ලට ගනිමින්, දරුවන්ගේ අනිවාර්ය අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර දීමේ ව්‍යවස්ථාපිත වගකීම ද අවබෝධකර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කිරීමේ තීරණය, අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් සහිතව, සෞඛ්‍ය, ආරක්ෂක, ප්‍රවාහන, මාධ්‍ය ඇතුළු සියලු පාර්ශවවල  පූර්ණ සහයෝගය ද ලබා ගනිමින් ක්‍රියාවට නංවන බව ද ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ අවස්ථාවට අධ්‍යාපන අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන,  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ  අපේක්ෂා බාලසූරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී. එස්. පොල්වත්තගේ, සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP