logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක්” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
බදාදා, 03 මාර්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක්” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්,ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය .

සමාගමක අරමුණ  ලාභ ලැබීම වුවත් ලැබෙන ලාභයෙන් සැලකිය යුතු කොටසක් සමාජයේ සුභ සිද්ධිය වෙනුවෙන් යොදාගැනීමට දිගින් දිගටම කටයුතු කළ සමාගමක් ලෙස නෙස්ලේ සමාගම හඳුන්වා දිය හැකි බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ  කළේය.

දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමත් ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩි කිරීමත් අරමුණු කරගනිමින් මයිලෝ වෙතින් හඳුන්වාදෙන ලද ප්‍රවර්ධන වැඩසටහනේ  ජයග්‍රහක දරුවන්ට ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද (03) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති විශේෂ උත්සවයේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම විශ්ලේෂණය කරන විට එහි වැදගත්ම අංගයක් වන්නේ මෙරට මානව සම්පත් සංවර්ධනය  කිරීම බවත්, එය අපට ඇති සහජ සම්පත හා ශක්තිය බවත්, දරුවන්ගේ අධ්‍යාපනය අවසානයේ දී ලබාගත් දැනුමට සරිලන රැකියා අවස්ථා සම්පාදනයේදී පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම  අත්‍යවශ්‍ය වන බවත්, එය  යථාර්තයක් බවට පත් කිරීමට නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත් ව සිටීම කෘතවේදීව අගය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් මෙරට පාසල්  දරුවන් දස දහසක් වෙත රුපියල් මිලියන 10 ක් වටිනා ත්‍යාග ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම්, ස්කූටර්, බයිසිකල්, ස්කේට්බෝඩ්,

පැසිපන්දු, පාපන්දු, skipping rope, headset හා පාසල් බෑග් ආදිය පිරිනමන අතර කොවිඩ් සමයේ නිවසටම සීමා වී සිටින දරුවන්ට ඒ හරහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමටත් ශාරීරිකව ක්‍රියාශීලී  වීමටත් සහාය වීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ 2021 පෙබරවාරි 18 සිට 2021 අප්‍රේල් 18 දක්වා කාලය තුළ සෑම සතියක දීම කුසපත් ඇදීමෙන් දරුවන් දහසක් තෝරා ගනිමින් මෙම ත්‍යාග පිරිනැමීමට මයිලෝ ආයතනය සූදානමින් සිටී .

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගොඩගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP