logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
බදාදා, 15 සැප්තැම්බර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

     

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුලුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක හා අන්තර්ජාල සබඳතා පිරිනැමීමේ උත්සවයේදීය. 2021.09.15 දින ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙය කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සිදුවිය. මෙහිදී ළමා  සංවර්ධන මධ්‍යස්ථාන 379ක දරුවන් 10632ක් සඳහා පරිගණක ප්‍රදානය සිදු කෙරිණි.

එහිදී සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

“රටපුරා විසිරී තිබෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ සිටින දරුවන් සඳහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල දියත් කිරීමේ ක්‍රියාදාමය මෙවර ලෝක ලමා දිනය වෙනුවෙන්  සිදුකිරීම පිළිබඳව පියල් නිශාන්ත අමාත්‍යතුමාට මාගේ ස්තූතිය පිරිනමනවා.

තොරතුරු තාක්ෂණය  පෙරදැරි කර ගනිමින් අධ්‍යාපනය නව මං සොයන වකවානුවනක දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ව්‍යාපාරික ප්‍රජාවන්ගේ දායකත්වය ලබාගනිමින්  මෙම වැඩසටහන් යාන්ත්‍රණය ක්‍රියාත්මක  කිරීම ඉතා වැදගත් ක්‍රියාවලියකි. එය දරුවන්හට නව නිර්මාණාත්මක ක්‍රියාමාර්ගයකට පිවිසීමට මඟ පෙන්වීමකි.

 දරුවන් රටක සංතෘෂ්ටිය වේ. දරුවන් දෙමාපියන්ගේ සංතෘෂ්ටිය වේ. එම දරුවන්ගේ සතුට වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් බවට මෙය හැදින්විය හැක. රටක ඇතිවිය හැකි ව්‍යයසනයන් හමුවේ නොසැලෙන එකම දේ දැනුම පමණි. දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යයසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක. එබැවින් දරුවන්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටී. එය අතිගරු ජනාධිපතිතුමාගේ‍ සෞභාග්‍ය දැක්මෙහිද සුවිශේෂී වැඩසටහනකි.

මෙම මධ්‍යස්ථානයන්හිදි දරුවනට තිබෙන අභියෝග සාමාන්‍ය පාසලක දරුවනට වඩා වැඩිය.  තාක්ෂණය ඔස්සේ ලෝකය වෙනස් වෙමින් පවතින කාලයක ලොව වෙනස් වන්නේ කුමන දිශාවකටද යන්න සහ නව ලොවත් සමඟ  දරුවන්ට ගමන් කිරීමේ පහසුකම ඇති කිරීම සඳහා දියත් කරන මෙම වැඩසටහන මා හැඟි කර්තව්‍යයකි.”

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ,  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත  යන මහත්වරුන්ද සභාව ඇමතූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි විය.

            

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP