logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දරුවන් තිදෙනෙකුට අතරමඟ නතරවෙන්නට ගිය පාසල් ගමන අධ්‍යාපන ඇමති අත්හිටුවයි
බ්‍රහස්පතින්දා, 17 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දරුවන් තිදෙනෙකුට අතරමඟ නතරවෙන්නට ගිය පාසල් ගමන අධ්‍යාපන ඇමති අත්හිටුවයි

අධ්‍යාපනයේ සමාන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් වන ජාතික අධ්‍යාපන මෙහෙවර යථාර්ථවත් කිරීමේ සුවිශේෂ පියවරක් අද (17) අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව, ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් ගමන අත්හිටුවන්නට සූදානම්ව සිටි ගිනිගත්හේන ප්‍රදේශයේ සිසුදරුවන් තිදෙනෙකු වෙත ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා මූල්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ හමුවක් පවත්වන ලදී.

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන නිහාරා සෙව්වන්දි, ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජයනි කෞෂල්‍යා සහ එම විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරුවන් කුමාර යන සිසුදරුවන් සහ ඔවුන්ගේ මව වන නිරෝෂා ප්‍රියංගනී මහත්මිය ද, අදාළ දරුවන් අධ්‍යාපනය හදාරන පාසල්වල විදුහල්පතිවරුන් ද සමඟ අද පැවති මෙම හමුවේ දී දරුවන් වෙනුවෙන් මාසයක් පතා අධ්‍යාපන වියදම් ලබාදීමට එකඟත්වය පළ කරන ලදී.

 මෙම කටයුත්ත සංකේතාත්මක ව සනිටුහන් කරමින් එක් සිසුදරුවෙකුට රුපියල් 10,000ක් බැගින් වන මූල්‍ය ප්‍රදානයක් ද අද දින එම දරුවන් වෙත පිරිනැමුණු අතර, ඉදිරියේ දී දරුවන් තිදෙනාගේ ම අධ්‍යාපන වියදම් දැරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබා දෙන බව ද මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය. සිසුදරුවන් වෙනුවෙන් මෙම මූල්‍ය පරිත්‍යාග ලබාදීමට එම්. බී.බී සිල්වා මහතා සිය පෞද්ගලික දායකත්වය අමාත්‍යවරයා වෙත ලබා දී තිබේ. 

මවගේ ඇස් නොපෙනීම සහ පවුලේ දිගින් දිගටම පවත්නා අඟහිඟකම් හමුවේ මෙම දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර කිරීමට සිදුව ඇති බවට සහ ඒ නිසා  ඔවුන් පත්ව ඇති අසරණභාවය සම්බන්ධ ව පසුගිය දා මාධ්‍ය මඟින් අනාවරණය කරන ලද සංවේදී ප්‍රවෘත්තියක් වෙත අවධානය යොමුකරමින් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

මේ අවස්ථාවට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී කේ පෙරේරා, මධ්‍යම පළාත් අධ්‍යක්ෂ තිලක් රත්නායක මහතා සහ අදාළ දරුවන් නියෝජනය කරන පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත්, නියෝජ්‍ය විදුහල්පති ගයානි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP