logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ‘දරුවන් ඉගෙනුමෙන් දුරස් නොකරන්න.. NIE ගුරු ගෙදරට භාර දෙන්න… ” හය දහසකට අධික රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් සමග ගුරුගෙදර සක්‍රීය යුග මෙහෙවරක…
බ්‍රහස්පතින්දා, 08 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශිෂ්‍ය පුවත්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

‘දරුවන් ඉගෙනුමෙන් දුරස් නොකරන්න.. NIE ගුරු ගෙදරට භාර දෙන්න… ” හය දහසකට අධික රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් සමග ගුරුගෙදර සක්‍රීය යුග මෙහෙවරක…

ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොවිඩ් හමුවේ ශ්‍රී ලාංකීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැර අත්පත් කර දෙන්නට ජාතික අධ්‍යාපන ආයතනය අද්විතීය යුග මෙහෙවරක යෙදී සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ මේ වන විට නිෂ්පාදනය කොට ඇති වැඩසටහන් සංඛ්‍යාව 6,200 කි. මේ අතරින් මේ වන විට විකාශය කර ඇති වැඩසටහන් සංඛ්‍යාව පන්දහසකට (5,000) අධිකය.

කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භයත් සමගම 2020 අප්‍රේල් මාසයේ සිට ගත වූ වසර එකහමාරකට ආසන්න කාලය තුළ මෙම අධ්‍යාපනික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් අඛණ්ඩව නිෂ්පාදනය හා විකාශනය කරනු ලබයි

මුල් අදියරේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට අයත් ප්‍රධාන විෂයන් ඉගැන්වීම සඳහා වෙන්වූ ගුරු ගෙදර දෙවැනි සහ තුන්වැනි අදියර පසු කරමින් මේ වන විට තුන්වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණි දක්වා සියලු ශ්‍රේණිවල පාසල් විෂය මාලාව ආවරණය වන පරිදි ක්‍රියාවට නංවා තිබේ. ශ්‍රේණි මට්ටමෙන් එක් එක් විෂයයන්ට ආවේණික වූ ඉගෙනුම් ක්‍රමවේද ඇසුරු කර ගනිමින්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ සියලු වැඩසටහන් සම්පාදනය කෙරේ.

එමෙන්ම, උසස් පෙළ ශ්‍රේණි  විෂයන් 30ක් ද සාමාන්‍ය පෙළ ශ්‍රේණි විෂයන් 25ක් සහ ප්‍රාථමික අධ්‍යාපන අංශයට අදාල ප්‍රධාන විෂයන් හතරක් ඉලක්ක කරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනය  සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන්ම මෙම වැඩසටහන් සම්පාදනය කිරිමට පියවර ගෙන තිබීම දැයේ දරුවන් ලැබූ විශාල ජයග්‍රහණයකි. 2021 වර්ෂය අවසාන වන විට මෙම ශ්‍රේණිවලට අදාළ සියලු විෂයන් හි විෂය නිර්දේශ ආවරණය වන ලෙස අත්‍යවශ්‍ය ඉගෙනුම් පල සාක්ෂාත් වන පරිදි රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ ඉලක්කයයි.

එමෙන්ම, 1 සහ 2 ශ්‍රේණිවල සිසු දරුවන්ගේ භාෂාමය හා ගණිතමය සාක්ෂරතාව ඇති කිරීම සඳහා වන රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරිමටද ජාතික අධ්‍යාපන ආයතනය රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ ද සහාය ඇතිව මේ වන විටත් පියවර ගනිමින් සිටී.

ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ පටිගත කිරීම් මැදිරි තුනක සහ යාපනය පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ එක් මැදිරියක ද පටිගත කරනු ලබන අතර, දිවයිනේ ප්‍රධාන පාසල්වල පළපුරුදු විශ්වය ප්‍රවීණ ගුරුවරුන්ද, පළාත් මට්ටමින් තෝරා ගත් අතිදක්ෂ ගුරුවරුන්ද කොවිඩ් ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මෙම වැඩසටහන් සඳහා සම්පත් පුද්ගලයන් ලෙස සම්බන්ධ වී සිටී.

මෙම ජාතික සත්කාරය සාර්ථක ව ඉටුකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක් ජාතික අධ්‍යාපන ආයතනයට සුවිසල් සහයෝගයක් ලබා දෙයි.

ජාතික රූපවාහිනි සංස්ථාවේ චැනල් අයි සහ නේත්‍රා නාලිකාව ඔස්සේ විකාශය වන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන  වැඩසටහන් මාලාවට  සමගාමීව එක් එක් ශ්‍රේණිවලට හා විෂයයන්ට අදාළව සම්පාදිත සියලු වැඩසටහන් පහසුවෙන් නැරඹීමට Channel NIE – YouTube නාලිකාව ඔස්සේ ද සිසු දරුවන්ට අවස්ථාව සලසා තිබේ.

එළඹ ඇති අභියෝග සියල්ල ආශිර්වාදයක් කර ගනිමින් දුරස්ථ අධ්‍යාපනය රටපුරා ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් දරුවන්ට ලබා දී ඇති මෙම මහඟු ප්‍රතිලාභය මගනොහැර අත්පත් කර ගන්නා ලෙස ජාතික අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සියලු දූ දරුවන්ගෙන් ඉල්ලා සිටී.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP