logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්
බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය පැවැත්වෙන බවත්, විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන  අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්වය තුළ විභාගය පැවැත්වීම සිදු කරන ආකාරය සම්බන්ධව සියලු විධිවිධාන මේ වන විටත් යොදා ඇති අතර, විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකු ආසාදිත වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන්  සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් පිළියෙල කර  තැබීමටද කටයුතු යොදා ඇති බව ද සදහන් කළේය .

දීප ව්‍යාප්ත මධ්‍යස්ථාන 4,513ක මෙවර විභාගය පැවැත්වෙන අතර, අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කර තැබීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, එක් එක් පළාත්වල අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ අද පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වෙමින්, විභාගය පැවැත්වීම සම්බන්ධයෙන්  තොරතුරු ලබාගත් බවද  ඒ අනුව අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් යටතේ සියලු කටයුතු සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිසුන්ගේ පුර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන ඇති අතර,විභාග කාල සීමාව තුළ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කළ බව ද, ඒ අනුව  ඔවුන් විසින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කිසියම් ප්‍රදේශයක අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් එය විභාග පැවැත්වීමට හෝ විභාග ශාලා වෙත සිසුන්ගේ පැමිණීමට බාධාවක් නොවන අයුරින් විසඳීම සඳහා නාවික හමුදා සහ ආරක්ෂක අංශ සෘජුව සම්බන්ධව සිටින අතර,  විභාගය  පැවැත්වීම සම්බන්ධයෙන් රජය මඟින් යොදා ඇති මෙම වැඩපිළිවෙළ පිළිබඳ දෙමව්පියන්ට නිසැකවම සෑහීමකට පත් විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය .

එමෙන්ම, කොතෙක් අභියෝග පැමිණිය ද, දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ  අවධානය යොමු කරන බව ද, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රමාදවී මුහුණදීමට සිදු වුව ද එළඹෙන ජුනි මාසයේ දී ම එම විභාගයේ ප්‍රතිඵල ලබා දී, ජූලි මාසයේ දී ඔවුන් උසස් පෙළ පන්ති සඳහා ඇතුලත් කරගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ  අපේක්ෂාව බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත, මාර්ගගත ක්‍රමය ඔස්සේ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Search

    Search
    Generic filters
    Exact matches only

    Notices & News Categories

    • 524
    • 525
    • 526
    • 528
    • 536
    • 582
    • 583
    • 589
    • 643
    • 690
    • 691
    • 695
    • 697
    • School Census 2021 – Census Materials
    • Uncategorized @si
      • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
    • තරඟ
    • පර්යේෂණ හා සංවර්ධන
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • පුවත්
      • අමාත්‍යාංශ පුවත්
      • ශාස්ත්‍රීය පුවත්
      • ශිෂ්‍ය පුවත්
    • මානව සම්පත් සංවර්ධන
    • වාණිජ හා ව්‍යාපාර
    • විද්‍යා ශාඛාව
    • විශේෂ දැන්වීම්
      • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
      • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
      • සිසුන්ගේ විශේෂ දැන්වීම්
    • සෞන්දර්ය අධ්‍යාපනය
    • සෞන්දර්යය අධ්‍යාපනය

    Recent Notices & News

    • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

      දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
    • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

      මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
    • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

      අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
    • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

      භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
    • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

      නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

    Archives

    • පෙබරවාරි 2023
    • ජනවාරි 2023
    • දෙසැම්බර් 2022
    • නොවැම්බර් 2022
    • ඔක්තෝබර් 2022
    • සැප්තැම්බර් 2022
    • අගෝස්තු 2022
    • ජූලි 2022
    • ජූනි 2022
    • මැයි 2022
    • අප්‍රේල් 2022
    • මාර්තු 2022
    • පෙබරවාරි 2022
    • ජනවාරි 2022
    • දෙසැම්බර් 2021
    • නොවැම්බර් 2021
    • ඔක්තෝබර් 2021
    • සැප්තැම්බර් 2021
    • අගෝස්තු 2021
    • ජූලි 2021
    • ජූනි 2021
    • මැයි 2021
    • අප්‍රේල් 2021
    • මාර්තු 2021
    • පෙබරවාරි 2021
    • ජනවාරි 2021
    • දෙසැම්බර් 2020
    • නොවැම්බර් 2020
    • ඔක්තෝබර් 2020
    • සැප්තැම්බර් 2020
    • අගෝස්තු 2020
    • ජූලි 2020
    • ජූනි 2020
    • මැයි 2020
    • මාර්තු 2020

    අධ්‍යාපන අමාත්‍යාංශය
    ඉසුරුපාය,
    බත්තරමුල්ල
    10120 ශ්‍රී ලංකා

    • +94 112 785141 - 50
    • info@moe.gov.lk
    Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

    අමතන්න 1929

    ජාතික ළමා
    සේවාව

    අමතන්න 1988

    ජාතික
    මෙහෙයුම

    විද්‍යුත් තැපෑල

    ඇතුල්
    වන්න

    • අප ගැන
    • නිතර අසන පැන
    • විමසීම්
    • අඩවි සිතියම

    Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

    TOP