logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එන්න
අඟහරුවාදා, 14 මාර්තු 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

දරුවන්ගේ අනාගතය ගැන සිතා උත්තර පත්‍ර පරීක්ෂාවට එන්න

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලයි
– උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල් යා හැකියි
– දරුවන් ලක්ෂ 40කගේ අයිතිවාසිකම් ගැන කිසිවකු කතා කරන්නේ නෑ

උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පවා බොහෝ විට කල් යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කොවිඩ් ව්‍යසනය නිසා මගහැරුණු පාසල් අධ්‍යයන කටයුතු ආවරණය කරගැනීම සඳහා ක්‍රියා කරන ලොව කිසි දු රටක් දරුවන් අපහසුතාවට පත් වන අන්දමේ වෘත්තීය ක්‍රියා මාර්ග අනුගමනය නොකරන බවත් දරුවන් ලක්ෂ 40කගේ හා ඔවුන්ගේ දෙමාපියන් ලක්ෂ 80කගේ පමණ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කිසිවකු කතා නොකරන අතර තමන් පෙනී සිටින්නේ එම පිරිස වෙනුවෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු යථා පරිදි සිදු වන අතර මෙම වෘත්තීය ක්‍රියා මාර්ග නිසා අධ්‍යාපන කටයුතු අඩපණ ව වැඩි ම අසාධාරණය සිදු වන්නේ ආර්ථික දුෂ්කරතා සහිත පහළ යැපුම් මට්ටම්වල බහුතර ජනතාවට බව ද පැවසී ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය සමග අද දින මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වී සිටියදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග උත්තර පත්‍ර පරීක්ෂා කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ගුරුවරුන්ගේ සියලු ඉල්ලීම් ලබා දීමට තමන් විශේෂ උනන්දුවකින් ක්‍රියා කරමින් උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට මෙතෙක් ලබා දුන් දීමනාව දෙගුණයකටත් වඩා වැඩි කර ලබා දෙන බවත් අධ්‍යාපනයට සීමා නොවුණු රජයේ බදු ප්‍රතිපත්තිය වැනි විෂයකට පවා භාණ්ඩාගාර ඉල්ලීම් හරහා මැදිහත් වී බදු බර අඩු කිරීම සඳහා රජයේ අවධානය යොමු කිරීමට ක්‍රියා කළ බවත් පැවසී ය. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව හා ගුරු වෘත්තීය සංගම් එක් ව දරුවන්ගේ අනාගතය පිළිබඳ ව සිතා උත්තර පත්‍ර සමීක්ෂණය කඩිනමින් ආරම්භ කරනු ඇතැයි විශ්වාස කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

    විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගි...
  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP